වීන් විද්‍යාත්මක අත් හදා බැලීම් සදහා යොදා ගැනීම

ජීව විද්‍යාත්මක පර්යේෂන යන්නෙන් අදහස් වන්නේ සියළුම වර්ගයේ ජීවීන් විද්‍යාත්මක අත් හදා බැලීම් සදහා යොදා ගැනීමයි. එමෙන්ම සමහර අවස්ථා වලදී වෛද්‍ය විද්‍යාත්මක
පර්යේෂන සදහාද ජීවීන් යොදා ගන්නවා.

මෙම වර්ගයේ පර්යේෂන සිදු කිරීමට හේතුව තමයි මිනිසුන්ගේ ආබාධ හා අසනීප සුව කිරීම සදහා නව ඖෂද වර්ග නිපැයීමට සිදු වීම. නමුත් කවුද බලාපොරොත්තු වන්නේ මිනිස් ලෙඩ
රෝග සදහා ඖෂද නිපද වීම සදහා සතුන් ආසාදනයට ලක් කර ඔවුන් දුකට පත් කරවනවා කියලා තේරුම් ගැනීමේ මූලිකම වරදවල් දෙකක් තිබෙනවා.

පළමු වන එක තමයි සතුන් මගින් දක්වන පර්යේෂන ප්‍රතිඵල මිනිස් වර්ගය සදහා යොදා ගත හැකියි කියා සිතීම. දෙවැන්න තමයි පරීක්ෂනාත්මක ජීව විද්‍යාවඅනිවාර්ය වැරදි දෙයක්

ජීවී කාබනික රසායනය හා සැසදීමේදී. එදා පටන්ම සතුන් ක්‍රියා කරන්නේ මිනිසුන්ට ප්‍රති විරුද්ධව. සතුන් මගින් අත් හදා බලන සෑම නිෂ්පාදනයක් හා ක්‍රමයක්ම රසායනිකව නැවතත් මිනිසුන් යොදා ගෙන ආරක්ෂාකාරීව අත් හදා බැලිය යුතුයි. එය ආරක්ෂාකාරී යැයි තහවුරු කිරීමට පෙර මෙය සිදු කළ යුතුයි. මෙය සම්මත නීතියක්.

සතුන් යොදා ගෙන සිදු කරන පරීක්ෂන අනතුරුදායක පමණක් නොවෙයි එය ඔවුන්ව වැරදි සිද්ධාන්ත සදහා මෙහෙය වනවා. එපමණක් නොව ඔවුන් සායනික සොයා ගැනීම් ප්‍රමාද කරනවා. මෙය අපි තේරුම් ගන්න ඕනේ.

මතක තියා ගන්න මේ දෙය. කිසියම් රෝගයක් සමහර විටෙක,තවත් රෝගයකට සමාන වෙන්නේ නෑ. එය එක දිගට පැතිරෙනවා.අවාසනාවට අද වන විට මෙම ක්‍රමය විද්‍යාව හමුවේ සැගවී යනවා.මිනිස් දැනුමෙන් අපි ස්භාවික සත්‍ය විද්‍යාවට නින්දා කරනවා.

එමෙන්ම ජීව විජ්ජේදනය වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීම් වලට යොදා ගන්නවා. විෂ සහිත ද්‍රව්‍ය සතුන් හට ලබා දෙනවා. වේදනා සහගත විදුලි සැර වැද්ද්වීම්. සිහි නැති කිරීමක් නොමැතිව සිදු කරන සැත්කම්. පිළිස්සීම්. ආහාර හා ජලය නොදී සිර කර තැබීම්. කායික හා මානසික විද්‍යාත්මක වද හිංසා

මෙම නිසා සතුන් මානසික ලෙස පීඩනයට පත් වනවා සේම ආසාදන වලටද ගොදුරු වනවා.

හිසට වන තුවාල පරීක්ෂන කිරීම සදහා මද වශයෙන් සිහි ඇති හෝ සම්පූර්ණ සිහිය ඇති බැබුන් වදුරන්ව යොදා ගනු ලබනවා. ඔවුන්ව දැගලීමට බැරි වන සේ බැද දමා ඉන් පසු ඔවුන්ගේ හිස් ලෝහමය හිස් වැස්මක් තුලට ඇතුළු කරනවා ඉන් පසුව අංශකක 90 ආනතියකින්
1kgක බරක් ඇති මිටියකින් හිසට වැරෙන් පහර දෙනවා.

මෙම පරීක්ෂන කිරීමේ අරමුණ තමයි පාපන්දුබොක්සින් වැනි ක්‍රීඩා වලදී හිසට වන අනතුරු හා අනෙකුත් හිසට වන අනතුරු සදහා ප්‍රතිකර්ම සොයා ගැනීම. එමෙන්ම මෙම ක්‍රියාව නැවත නැවතත් බොහෝ වාරයක් එකම සත්වයාව සිදු කරනු ලබනවා.

අවසාන ලෙස හමුදාමය පර්යේෂන හා සතුන් පිළිබද සළකමු. මේක සත්ව හිංසනය යටතේ කථා කළ හැකි තවත් මාතෘකාවක්. වදුරන් අභ්‍යවකාෂයට යැවීම. එමෙන්ම අසරණ බල්ලන් මගින්
පරමාණුක පිපිරුම් අත් හදා බැලීම. වානර කුලයේ සත්වයින් විකිරණශීලී ප්‍රභවයන්ට නිරාවරණය කිරීම.

මීට අවුරුදුකට පෙර සතුන් බොහෝ ගණනක් අධික ලෙස දුක් විදිමින් මරණයට පත් වූවා . ඒ ජීව විද්‍යාත්මක විච්චේදනය හා තාරකා විද්‍යාත්මක පර්යේෂන නිසා. අද වන විට මෙම අගය ඉතාමත් විශාල ලෙස වැඩි වී තිබෙනවා.එය මිනිත්තුවකට සතුන් දහස් ගණනක්. වසරකට බිලියන ගණනක්.

සමහර නූගත් මිනිසුන් හිතන්නේ මෙම බුද්ධි හීන සතුන් හට අපිට මෙන් වේදනාව දැනෙන්නේ නෑ කියලා. සත්‍ය තමයි අපි සත්තුන්ගේ හැගීම් ගැන දන්නේ ඉතාමත් ස්වල්පයයි ස්භාව ධර්මයේ නීතියට එරෙහිව අස්වාභාවික ලෙස මරණයට පත් කරවන සෑම ජීවියෙකුම මරණයට පෙර ඉතාමත් දැඩි ලෙස වේදනා විදිනවා.

නමුත් නූගතුන් සිතාගෙන සිටින දෙය තමයි. මෙම සතුන් වේදනාවෙන් විදවන්නේ නෑ . මොවුන් බුද්ධි හීන සතුන් වීම නිසාවෙන් කියලා. වේදනාව වේදනාවමයි එය ස්නායු විසින් මොළයට දන්වනු ලබන දෙයක්. ස්නායු විසින් සත්වයකුකගේ සිරුරේ සෑම හැගීමක්ම මෙහෙය වනු ලබනවා. ගද සුවදස්පර්ශය පෙනීම ඇසීම වගේ දේවල්. ඒ වහේම සමහර සතුන්ගේ මෙම ස්නායු ඉතාමත් හොදින් හා උසස් ලෙස වර්ධනය වෙලා තියෙනවා මිනිසුන්ටත් වඩා දියුණුව. අපි මෙය දැන ගත යුතුයි අපට අධ්‍යනය කිරීමට කිසිම දෙයක් නෑ මිනිසාගේ කාය වේදය පිළිබදව සතුන් හට අමානුෂික වද වේදනා දෙමින්.

අපිට සතුන් ගැන ඉගන ගන්න තියෙන්නේ එකම දෙයයි. එය තමයි අපි සතුන් ගැන යම් දෙයක් ඉගන ගන්නව නම් ඒ ඔවුන්ගේ මානසික මට්ටම ගැන පමණයි එයින් අදහස් වෙන්නේ නෑ සතුන් අල්ලගෙන අඩුව හෝ වැඩියෙන් මානසික මට්ටම බැලිම්ට ඔවුන්ට විදුලි සැර වද්දන්න ඕනේ කියලා. වේදනාව ජීවත් වන හැම සත්වයකුටම දැනෙනවා. එය තමයි ඇත්ත එය කොහෙන් ආවත් වේදනා ගෙන දෙන දෙයින් මිදීමෙන් හැර වෙන කිසිම දෙයක් මගින් එයින් සහනයක් ලබා ගන්න බෑ

මෙම සිදුවීම් දිහා බලන විට හැගෙන එකම දේ විය යුත්තේ උසස්යැයි කියා ගත්තත් ලෝකයේ පහත්ම ජීවියා මිනිසා කියන එකයි. අපි ලෝකයේ අනෙකුත් සත්ව විශේෂ වල ආරක්ශාව පළමුවෙන්ම නොසලකා හැර තිබෙනවා. අපි මෙතැන් සිටන් වත් සත්‍ය කුමක්දැයි අපි තේරුම් ගත යුතුයි. සත්‍ය කුමදැයි කියා වටහා ගැනීමට අපි දැනටමත් කල් ගත කලා වැඩියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here