සුරතල් සතුන් ස්පර්ෂයෙන් පවා ඇති විය හැකි මාරාන්තික රෝගයක ගොදුර හෙට ඔබ හෝ ඔබේ දරුවා විය හැකියි.

කුඩා බලු පැටවුන් ටවුන් වැනි සතුන් සුරතල් කිරීමට ලොකු පොඩි බේදයකින් තොරව අපි සියල්ලෝම කැමැත්තෙමු. එහෙත් අපි ඒ සතුන්ගේ බාහිර අලංකාරයට හා සුරතලයට කැමති වූවා මිස ඔවුන්ගෙන් අපහට ඇතිවන ලෙඩරෝග පිළිබදව කිසි විටෙකත් නොසිතුවෙමු. අප බොහෝ සේ ආදරය කරන මෙම සතුන් නිසා අපට විවිධාකාර රෝගාබාධ ඇතිවේ. මෙම රෝගාබාධ මරණය පවා කැදවන්නට සමත් බැවින් සුරතලයට සතුන් ඇති කිරීමේදී ඉතාමත් ප්‍රවේසමෙන් මෙන්ම දැනුවත් බවින්එය සිදු කළ යුතුය.

බල්ලන්ගෙන් ඇති වන ලෙඩරෝගජලභීතිකාවබල්ලෙකුට වැළදෙත භයානකම රෝගය ‘පිස්සු බලු රෝගය’ නැතහොත් “ජලභීතිකාව”වේ. මෙය කිරි බී වැඩෙන ඕනෑම සතකුට වැලදේ. උදා:බල්ලා,පූසා,හාවා,ලේනා

අපට වැළදෙන්නේ, සපා කෑ විට, සීරූ විට ඇස,තොල,නාසය වැනි අපේ ශරීරයේ රෝසපැහැ ස්ථාන ලෙවකෑමෙන්බරවා පණු රෝගයබල්ලාගේ ශරීරයේ බරවා පණුවකු සිටින ස්ථානයකට මදුරැවකු දෂ්ට කර එම මදුරැවා අපගේ ශරීරයට දෂ්ට කිරීමෙන් මෙම ‍රෝගය අපට වැළදේ.මැක්කන් හා කෘමීන්‍‍ ගෙන් වැළදෙන රෝග අපේ ඇස් ආශ්‍රිත ප්‍රදේශවලට හුවමාරැවීමෙන් ඇහිබැම,ඇහි පිහාටු ගැලවී යාම. මැක්කන් සපාකෑමෙන් සමේ රෝගබල්ලන්ගේ කෙළ මගින් බෝවන රෝගඅපට වැළදෙන්නේ:බල්ලන්ගේ දත් අපිරිසිදුවීම නිසා ඔවුන් ගන්නා ආහාර දත් අතර රැදී බැක්ටීරියා හටගනී.මේ කෙළ අපේ ශරීරගත වීමෙන් නොයෙකුත් ආසාත්මිකතා ඇතිවේ.

පූසන්ගෙන් බෝවන ලෙඩරෝග පූසන් සිප ගැනීම නිසා පූසන්ගේ ලොම්වල රැදුණු දූවිලි ,විෂබීජ හා ලොම් ශරීරගත වී ඇදුම රෝගය වැළදේ. පූසන් සීරෑවිට “කැට්ස් කැච් සීනීස්” රෝගය සහ “රැට් බයිට් ෆීවර්” නම් උණ රෝගය සෑදේ. කාරින් නම් වටපණුවා(පටපණුවා ශරීරගත වීම.)පූස්  මළපහත් සමග පිටතට පැමිණෙන මෙම පණුවන් පස් සමග මිශ්‍ර වී “ටොක්සො ප්ලාස්මා”(Toxo Plasma)නැමැති විෂබීජයක්ඇතිකෙරේ.මෙම විෂබීජය අවුරැද්දක පමණ කාලයක් විනාශ නොවී පස තුළ පවතී.වැලි සෙල්ලම් කිරීමේදී,මල් පැළ සිටුවීමේදී,වල් පැළ ගැලවීමේදී,පූසන් ගැවසෙන ස්ථාන වල ඇති එලවළු ,පළතුරැ ආහාරයට ගැනීමේදී,මෙම ටොක්සො ප්ලාස්මා විෂබීජය අපගේ නියපොතු වල රැදී  ශරීරයට ඇතුළු වේ.මෙම රෝගය වැළදීමෙන්, ශරීරයේ දද ඇතිවීම. නිල්පැහැ ලප ඇතිවීම. ඇස් පෙනීම දුර්වල වීම. කල් පවතින උණ, කුද්දැටි ඉදිමීම මළදරැ උපත් ඇතිවීම.මන්ද බුද්ධික දරැවන් ඉපදීම. ඇසට ඇතුළු වූ විට ඇස ඉවත්කිරීමට පවා සිදුවීම. යන රෝගී තත්වයන් ඇතිවේ. මේ නිසා මේ සියලු ප්‍රතිපල දැන ප්‍රවේසමෙන් සතුන් සුරතල් කරන්නේ  නම් ඔබ ඔබටත් ආදරය කරන පුද්ගලයෙකු බවට පත් වේවි..

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here