සියතේ වැඩට ගිය DJ අරාගේ පළමු වැඩසටහන පෙබරවාරි 01.

හිරු FM හි සේවය කළ අරවින්ද ලොකුගේ (DJ Arah) ඉන් ඉවත්වීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරා බොහෝ පිරිසක් අතර කතාබහක් ඇතිවුණා.

කෙසේ නමුත් ඔහු විවිධ නාළිකාවන් වලට ගිය බවට කටකතා පැතිර ගියත් ඒවා සත්‍ය අසත්‍යතාව පිළිබඳව මේ වන විට හෙළිදරව් වී තිබෙනවා.ඒ අරවින්ද ලොකුගේ අද දින සියත නාළිකාවේ සේවයට යාම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ ෆේස්බුක් ඔස්සේ ඡායාරූපයක්ද සමඟින් විස්තර පළකර තිබූ නිසාවෙන්.

ඇය එහි සඳහන් කර ඇත්තේ තම සැමියා සියත නාළිකාවේ සේවයට ගිය බවත්, එම නාළිකාව නවමු ආකාරයකින් නැවත ආරම්භ කිරීමට සූදානම් වන බවයි. DJ Arah හිරු නාළිකාවෙන් ඉවත්ව ගිය පසු DJ Arah නාමය යොදාගනිමින් වෙනත් නාළිකාවක් වැඩසටහනක් ආරම්භ කළද එම උත්සාහය අසාර්ථක වුණේ එයට ෆේස්බුක් ඔස්සේ දැඩි දෝෂාරෝපණ එල්ලවීම නිසාවෙන්.

කෙසේ නමුත් ලබන පෙබරවාරි 1වනදා සිට DJ Arah සියත නාළිකාවෙන් සජීවීව වැඩසටහන් ඉදිරිපත් කිරීමට නියමිත බවයි දැනගන්නට ලැබෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here