“මැතිවරණ කොමිසමේ සභාපති වැරදි පිළේ”

මැතිවරණ ක‍්‍රමය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ස්ථාවරය පිළිබඳ ගැටලූවක් පවතින බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා යළි චෝදනා කරනවා. ඒ, බදුල්ලේ පැවති උත්සවයට එක්වෙමින්.

එහිදී ඔහු සඳහන් කළේ අපි පාර්ලිමේන්තුව ඇතුළේ 19 වැනි සංශෝධනයට අත උස්සන වෙලාවේ.. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපිට පොරොන්දු වුණා..20 වැනි සංශෝධනය හරහා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය තියන්නෙත් මනාප ක්‍රමයට නෙමෙයි කියලා. හැබැයි මනාප ඡන්ද ක්‍රමයට මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ආදරෙයි වගේ පේන්නේ. හොඳම මැතිවරණ කොමසාරිස්වරයෙක්..හැබැයි මේ අවස්ථාවේදී..එතුමා ඉන්නේ NGO කාරයින්ට ඕන පිළේ.” යනුවෙනි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ස්වාධිනත්වය සම්බන්ධයෙන් ගැටලූවක් පැවතින බව ඔහු හාලිඇල ප‍්‍රදේශයේ පැවති උත්සවයකදී ඊයේ (17) චෝදනා කළා.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here