කොරෝනාවෙන් අප හැම බේරුවේ ජනපතියි – එහි සම්පූර්ණ ගෞරවය ඔහුටයි!

කොරොනා වෛරසය පාලනය කිරීමේ සම්පූර්ණ ගෞරවය යන්නේ වෙන කිසිවකුට නොව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා විසින් ද වඅවස්ථා කිහිපයක දී ගන්නා ලද සෘජු තීන්දු නිසා මෙම තත්ත්වයට ලංකාව පැමිණි බවද ඔහු පැවසීය.

ලොව කිසිදු රටක් කොරෝනා පාලනය සඳහා යුද හමුදාව කැඳවීමටත් ප‍්‍රථම ශ්‍රී ලංකාව එම කටයුත්ත සිදු කල බවත් ඔහු පැවසුවේය.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුස්ලිම් සම්මේලනය අමතමිනි.