ඊයේ PCR පරීක්ෂණ 1108 කින් හමු වී ඇත්තේ එක් අසාදිතයකු පමණයි!

මෙරටින් ඊයේ (20දා ) දිනය තුළදී වාර්තා වී ඇත්තේ එක කොරෝනා ආසාදිතයෙකු පමණක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. මේ අනුව මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1028 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයා කුවේට් රාජ්‍යයේ සිට මෙරට පැමිණ නීරෝධායනය වෙමින් සිටි අයෙකි .

දැනට මෙරට රජයේ රෝහල්වල කොරෝනා ආසාදිතයින් 435 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලබා රෝහල්වලින් නික්ම ගොස් ඇති එම ආසාදිතයින්ගේ සංඛ්‍යාව 584 දෙනෙකි ,මෙරටින් වාර්තා වී ඇති මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 09 කි.

මෙතෙක් දිවයිනේ සිදු කර ඇති මුළු “පී.සී.ආර් ” පරීක්ෂන සංඛ්‍යාව 47,521 ක් වන අතර ඊයේ (20දා ) දිනය තුළ සිදු කර තිබු එම පරීක්ෂන සංඛ්‍යාව 1108කි.