සජිත්ගේ පිල රාජිත බේරාගන්න විරෝධයේ… පාරේ යන මිනිස්සුන්ගෙන් බලු බැනුම්!

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්න නිදහස් කරන ලෙස බලකරමින් විරෝධතාවයක් ඊයේ කළුතර නගරයේදී පැවැත්විනි.

ඒ සඳහා සමහර සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස ඇතුළු එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු පළාත් සභා මන්ත්‍රීවරුන් ගණනාවක් සහභාගි වී සිටියහ.

සැලකිය යුතු මට්ටමේ ජන සහභාගීත්වයක් එහි තිබුනේ නිරෝධායන නීති ක්‍රියාත්මක වන අවස්ථාවේ ඒවා ද උල්ලංඝනය කරමිනි.

ඇදිරි නීතිය ඉවත් කලද රට පුරා තවමත් නිරෝධායන නීතිය ක්‍රියාත්මක කරන සෙනග එක් රැුස් කිරීම ඒ යටතේ අතිශය සීමා කර ඇත.

අදාල විරෝධතාවයේ එහි පැවතෙද්දී ඒ අසලින් යතුරු පැදියකින් ගමන් ගත් තරුණයෙකු විරෝධතාකරුවන් අසලටම ගොස් ඔවුනට දැඩි ලෙස බැන වැදුණේය.

කොරෝනා වසංගත රෝගයක් පැතිරෙද්දී එම පිරිස මේ ආකාරයෙන් විරෝධතා කිරීම ගැන ඔහු තම විරෝධය පල කලේය.

මෙමෙ විරෝධතාවය සමාජ මාද්‍ය ජාල තුලද දැඩි ලෙස විවේජනයට බදුන් වී තිබේ..