ආණ්ඩුවට කොක්ක ගහන්න “රොබරි කිං” ලා අවදියෙන්!

“2015 යහපාලන ආණ්ඩුව ඇනගත්තේ මහින්දගේ ආණ්ඩුවේ ඉදලා කුජීත වෙලා හිටිය කල්ලිය ආණ්ඩුවට අරගත්ත නිසයි”

මේ එදා ආණ්ඩුව හදන්න බැහැලා වැඩ කරපු මාධ්‍යවේදියෙක් කියපු කතාව ය. කතාව හරියටම හිතලා බැලුවම ඇත්ත ය. එස්බී, ඩිලාන්, මර්වින් වගේ මහින්දගේ ආණ්ඩුවේ කුණු ෆැක්ටරි යහපාලන ආණ්ඩුවට ආව මොහොතේ සිටම ආණ්ඩුව හංස ගීතය පටන් ගත්තේය.

“එහෙම බඩු ටිකක් මේ ආණ්ඩුවටත් කොක්ක ගහන්නයි බලාගෙන ඉන්නේ.”

ඒ තවත් මාධ්‍යවේදියෙක් කීව කතාව ය. ඒ කතාවත් ඇත්ත කියා හිතන්න පුළුවන් දේවල් මේ දවස්වල වෙමින් තිබෙන්නේ ය. විශේෂයෙන්ම සජිත්ගේ සමගි ජන බලවේගය නිසා නාය ගිය එජාපය දැන් ඉන්නේ එල්ලෙන්න වැලේ වැල් නැතිව ය. එජාපයේ සිටි තනි අලි 85ක් සජිත් එක්ක ඉන්න විට රනිල්ට ඉතිරි වූයේ 10ත් 15ත් අතර ගාණක් ය. නාය යෑමේ තරම එතැනින්ම හිතා ගත හැකි ය. සුනාමියට හසුවූ එජාපයේ ඉතිරි වෙලා ඉන්න කිහිපදෙනාගේ නම් ටික සිහිපත් කළත් ඒ ඇති ය.

රනිල්, රවි, අකිල, සාගල, ජෝන්, වජිර, දයා, රංගේ, එජාපයේ දැන් ඉන්න සුපිරි බුලට් ටික ය. ඔය කල්ලිය ආණ්ඩු හදනවා තියා හදන්න හිතන එකත් ‘ජොලි හලෝ’ වර්ගයේ විහිළුවකි. ඒ නිසා එජාපය ආණ්ඩු හදන්න හිතන්නේවත් නැත. ඒ බවට කැට තියා කිව හැකි ය. ඒක හරියට ශ්‍රීලනිපය ආණ්ඩුවක් හදනවා කියනවාටත් එහා ගිය විහිළුවකි. ඒ නිසා රනිල්-රවි දෙබෑයන් දැන් වෑයම් කරන්නේ පොහොට්ටුවට එකතු වෙන්නට ය. ඒකට වුවමනා තුනපහ මේ දිනවල රනිල් – රවි දෙබෑයන්ම සූදානම් කරමින් සිටී. “ආණ්ඩුව ෂෝක්” කියා රනිල් ආණ්ඩුවට සුදුකොඩි වනයි. “රාජපක්ෂලාට කරන චෝදනා බොරු. මට කරන චෝදනාත් බොරු” කියා රවි, රාජපක්ෂලාගේ සහ පොහොට්ටු පාක්ෂිකයන්ගේ ලකුණක් දමා ගන්නට යන්නේ ය. ඒ මුට්ටිය දැමිල්ලට පොහොට්ටුව හසුවෙනවා නම් පොහොට්ටුවට දෙයියන්ගේම පිහිට ය.

   යහපාලන ආණ්ඩුව වැනසූ චරිත කිහිපයක් ඇත. අංක විදිහට පෙළ ගැසුවොත් පළමු වැන්නා වීමට දෙදෙනෙක් අතර ලොකු තරගයක් ඇත. ඒ රවි සහ රනිල් ය. මේ දෙදෙනාටම ආණ්ඩුවක් සියතින්ම වැනසීමේ ආඩම්බරකාර ඉතිහාසයක් ඇත. 2001 එජාපෙ ආණ්ඩුව වැටෙන්න හේතු දෙකක් බලපෑවේ ය. එකක් රනිල්ගේ ඊනියා සාම ගිවිසුම ය. අනෙක රවිගේ සතොස කොල්ලය ය. සතොස රටේ දුප්පත්ම මිනිසා කිසියම් අඩු මුදලකට බඩුමුට්ටු මිලට ගත් තැන ය. 2001දී ඒක කාබාසිනියාකොට  දමා ඒ ආණ්ඩුව පෙරළා දමන ලොකුම බෝම්බය රවි පත්තු කළේ ය. ඊනියා සාම ගිවිසුමක් ගසා රනිල් අනෙක් බෝම්බය පත්තු කළේ ය. ගාමිණී අතුකෝරලලා දිවි හිමියෙන් වෙහෙසී ගොඩ නැඟූ ආණ්ඩුව එදා රනිල් – රවි දෙබෑයන් එක්ව අසූචි තවරා ගඳ ගැස්ස වීය. “මේ කුඹුරු ගොඩකරන්න ඕන. කෘෂිකර්මය වෙනුවට විකල්ප හොයන්න ඕන. ගොවිතැන වැඩක් නෑ.” කියා 2001 රනිල් කුරුණෑගල පැත්තේදීම ආණ්ඩුව ගොවිජනතාවගේ සාපයට ලක් කළේ ය. කිසිම තරුණයකුට රැකියාවක් නොදෙන චක්‍රලේඛයක් ගසා රනිල් ‘කටු අත්තක මල් පිපෙනකම් ඉන්න’ කියා ජනතාවට කීවේ ය. අවුරුදු දෙකකින් ආණ්ඩුව පෙරළා දමා චන්ද්‍රිකා නැවත බලයට ආවේ රනිල් මල් පිපෙනතුරු ඉන්න කියමින් පෙන්නූ කටු අත්ත දෙපරැන්දේ ගසා ගන්න කියා ය. ඒ ආණ්ඩුව ආව ගමන් රැකියා 50,000ක් දුන්නේය. එතෙක් තමන්ගේ ආණ්ඩුව හදාගෙනත් රැකියාවක් නොලද එජාප තරුණයෝ රනිල්ට විතරක් නොවේ හත්මුතු පරම්පරාවටම සාප කළ හ. එදා සිට ඒ තරුණයෝ තවත් අවුරුදු15ක් බලාගෙන සිටිය හ. ඒ කියන්නේ 2015 වෙනතුරු බලාගෙන සිටිය හ. 2001 වයස 20-25ක් වූ ඒ තරුණයන්ට 2015 වෙනකොට 34-40ක් වෙලා ය. ඒ වෙනකනුත් විරැකියාවෙන් ය. හැබැයි ඔය සියලු අලකලංචි අස්සේත් එක් දෙයක් නොවෙනස්ව තිබිණි.

ඒ රනිල් වික්‍රමසිංහ ය.!

ඇමෙරිකාවේ ජනාධිපතිවරු 5ක් දෙවර බැගින් ජනපතිකම් කොට විශ්‍රාම යනවිටත්, ඉන්දියාවේ අගමැතිවරු අවම හතක් අටක් වෙනස් වනවිටත්, ශ්‍රීලනිප, පොදු පෙරමුණ, පොහොට්ටුව ඇතුළු පක්ෂ ජනාධිපතිවරු තුනක් පත් කරනවිටත් නොවෙනස් එක් දෙයක් තිබිණි.

ඒ රනිල් වික්‍රමසිංහ ය.!

2015 යහපාලන ආණ්ඩුව හදන්න රනිල් කළ අටමඟලක් නැත. ඔහු මෛත්‍රි ගේනකොටත් හිටියේ තමන් ඉල්ලනවා කියා ය. සෝභිත හිමියන් ඇතුළු සිවිල් නායකයන් නොවන්නට රනිල් ඊට ඉඩ දෙන්නේ නැත. කොහොම වෙතත් එහෙම වෙහෙස වී ගෙනා ආණ්ඩුවේ පළමු දින සීයේදීම කුප්‍රකට කරුංකා මගඩියක් සිදුවිය. ඒ එක්කම පළමු බැඳුම්කර මගඩිය සිදුවිය. පාතාලයේ කෙරුමන් ආපහු ක්‍රියාත්මක විය. කළු සල්ලි විසිවිය. ඩීල් ආරම්භ විය. මහා බැඳුම්කර මගඩිය සිදුවිය. ‘හිටගෙන හොරකම් කළ ඇමැතිවරු’ සිටියහ. මහා බැඳුම්කර මගඩිය ගැන දන්නා කුඩා දරුවෙක් පවා රවිලාට රනිල්ලාට නැවත දියවන්නාවේ පස් පාගන්න දෙන්නේ නැත.

බැංකු තුනක ලොක්කෝ රවිට දුන් සහතික

ඇලෝසියස්ගේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට රුපියල් කෝටි දස දහස් ගණනක අසීමිත ලාභ ගෙනදුන් ආන්‍ෙදා්ලනාත්මක බැ¾දුම්කර වෙන්දේසි දෙකේදීම එවකට මුදල් ඇමැති වූ රවි කරුණානායකගේ ඉල්ලීම මත රාජ්‍ය බැංකු තුනෙහිම ප්‍රධානීන්ට අඩු ලංසු ඉදිරිපත් කරන්නට සිදු වූ බව මහ බැංකු බැ¾දුම්කර කොමිසම හමුවේදී එම ප්‍රධානීන් විසින්ම වරක් ප්‍රකාශ කරනු ලැබී ය.

මෙම වෙන්දේසි දෙකෙහිදීම වෙන්දේසි දිනට පෙර දිනයේදී මුදල් අමාත්‍යාංශයට තමන් කැඳවූ රවි කරුණානායක, රාජ්‍ය මුදල් අවශ්‍යතාවක් සඳහා අඩු පොලියකට මුදල් ටිකක් ලබා ගත යුතුව ඇති බැවින් පසුදින පැවැත්වෙන වෙන්දේසියේදී අවම ලංසු ඉදිරිපත් කරන ලෙස දන්වා සිටිමින් ඉදිරිපත් කළ යුතු ලංසු පිළිබඳව සීමාවන්ද තමන්ට ලබා දෙන ලද බව ජාතික ඉතිරි කිරීමේ බැංකුව, මහජන බැංකුව හා ලංකා බැංකුව යන රාජ්‍ය බැංකු තුනෙහිම සභාපතිවරුන් හා සාමාන්‍යාධිකාරිවරු එවක කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියහ.

මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු සහ සාමාන්‍යාධිකාරි (මහ කළමනාකරු) එන්. වසන්ත කුමාර්, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති අෂ්වින් ද සිල්වා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි හා භාණ්ඩාගාර කටයුතු පිළිබඳ උපදේශක ඒ. ඒ. ලයනල්, ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ් චිත්‍රානන්ද පෙරේරා යන මහත්වරු එම කරුණු තහවුරු කරමින් කොමිසම හමුවේ දිවුරුම් පිට සාක්ෂි ලබා දුන්හ.

2016 මාර්තු මස 29දා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වන ලද භාණ්ඩාගාර බැ¾දුම්කර වෙන්දේසියට පෙර දින එනම් මාර්තු මස 28 වැනි දිනද, 2016 මාර්තු මස 31දා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වන ලද භාණ්ඩාගාර බැ¾දුම්කර වෙන්දේසියට පෙර දින එනම් මාර්තු මස 30 වැනි දිනද එවකට මුදල් ඇමැති රවි කරුණානායක විසින් තමන් අමාත්‍යාංශයට කැඳවා රැස්වීම් දෙකක් පවත්වන ලද බවද එම රැස්වීම් දෙකෙහිදීම එකම ආකාරයෙන් එකී වෙන්දේසිවලදී අඩු ලංසු ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමින් එම ලංසු පිළිබඳව සීමාවන්ද තමන්ට මුදල් ඇමැතිවරයා විසින්ම ලබා දුන් බවද ඔවුහු කියා සිටියහ.

මෙම රැස්වීම් දෙකට අග්‍රාමාත්‍යවරයාගේ ආර්ථික උපදේශක ආර්. පාස්කරලිංගම් මහතා සහ මහ භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතාද සහභාගිව සිටි බවද, මහ බැංකුව වෙනුවෙන් නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතාද රැස්වීම් දෙකටම සහභාගි වූ බවද සාක්ෂිකරුවන් විසින් කොමිසම හමුවේ ප්‍රකාශ කරන ලදී. 

ඇමැති රවි කරුණානායක විසින් ලබා දෙන ලද සීමාවන් යටතේ තම බැංකුවලින් අඩු ලංසු ඉදිරිපත් කරනු ලැබූ බවත්, එහෙත් ඊට තරමක් වැඩි ලංසුවක් ඉදිරිපත් කළ අර්ජුන් ඇලෝසියස් හිමිකාරිත්වය දරන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම එකී වෙන්දේසි දෙකේදීම සාර්ථකත්වයට පත්වෙමින් අති විශාල ලාභයක් උපයා ගන්නා ලද බවත් සාක්ෂිකරුවෝ එවර වැඩිදුරටත් කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියහ.

කොමිසම  හමුවේ ප්‍රථම සාක්ෂිය ලබාදුන් මහ බැංකුවේ මහ කළමනාකරු (සාමාන්‍යාධිකාරි) එන්. වසන්ත කුමාර් මහතා කියා සිටියේ, තමාගේ වසර 30කට අධික බැංකු සේවා ඉතිහාසය තුළවත් ඉන් පිටස්තරවත් කිසිම දිනක මුදල් ඇමැතිවරයකු මේ ආකාරයෙන් බැ¾දුම්කර වෙන්දේසියකදී මෙවැනි බලපෑම් සිදුකරමින් වෙනත් පාර්ශ්වයකට අනියම් වාසි ලබාදීමක් හෝ රාජ්‍ය බැංකුවලට ලබාගත හැකිව තිබූ රුපියල් කෝටි ගණනක ලාභ අහිමි කරන ලද අවස්ථාවක් ගැන අසන්නටවත් ලැබී නොමැති බව ය.

මහ බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා කියා සිටියේ, තමා බැංකුකරුවකු නොවන නිසා තාක්ෂණිකව ගණන් හිලව් පිළිබඳව ප්‍රකාශ කළ නොහැකි වුවත් මෙම ක්‍රියාව තුළින් රාජ්‍ය බැංකුවලට සිදුකරන ලද බරපතළකම ගැන ඕනෑම අයකුට ඉතා පහසුවෙන් තේරුම් ගත හැකි බවත් ය.

මෙම කටයුත්තේදී මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු වූ පී. සමරසිරි මහතාද මැදිහත් වී කටයුතු කළ බවත් සාක්ෂිකරුවන් විසින් කොමිසම හමුවේ ප්‍රකාශ කළ අතර එක් සාක්ෂිකරුවකු කියා සිටියේ, තමාට මෙම ඇමැති කාර්යාලයේ රැස්වීමට පැමිණෙන ලෙස දන්වා සිටියේ පවා ඔහු විසින්ම බවත්ය. ඔහු එසේ කියා සිටියේ සමරසිරි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හර්ෂ ප්‍රනාන්දු මහතා නඟන ලද හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අෂ්වින් ද සිල්වා මහතා කොමිසමේ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතාට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ,වසර 9ක් තරම් කාලයක් ඕස්ට්‍රේලියාවේද සේවය කොට ඇති තමා මෙම ක්‍රියාපටිපාටිය ගැන මවිතයට පත්වූ බවත් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු වන පී. සමරසිරි මහතාද එම කටයුත්තට සහාය වීම ගැන තමාට පුදුම හිතුණු බවත්ය.

හිරගෙවල දැමිය යුතු පිරිස් පාර්ලිමේන්තු යැවීමේ ආදීනව මේ රටේ ජනතාව 71 වසරක් තිස්සේ අත්විඳිමින් සිටින්නේ ය. යහපාලන ආණ්ඩුව ගෙදර යවා පොහොට්ටුව හැදුවේ මේ රටේ ජනතාව ය. ලැජ්ජා නැතිකම මහමුදලිකමට වඩා ලොකුයි කියන්නා සේ ගෝඨාභය දිවුරුම් දෙනදා එක් කල්ලියක් අනාරාධිතව ඊට ආවේය. හැබැයි ආ පයින්ම ගියේ හූ හඬ මැද ය. ඉදිරියට එන්නේ ඒ හූව දෙගුණ තෙගුණ වියයුතු කාලයක් බව පොහොට්ටු පාක්ෂිකයන් වටහා ගත යුතු ය. එජාපයේ දෙබෑයන්ගේ ඩීල් මොනවාද කියා පාක්ෂිකයන් ද වටහාගත යුතු ය.