මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක බස්නාහිර ආණ්ඩුකාරලෙස වැඩ අරඹයි!

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපතිවරයාගෙන් පත්වීම් ලැබූ  හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස්, රොෂාන් ගුණතිලක මහතා අද එම තනතුරේ වැඩ භාරගනු ලැබුවා.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයේ මීට පෙර කටයුතු කළ වෛද්‍ය සීතා අරඹේපොළ පසුගියදා එම ධූරයෙන් ඉල්ලා අස් වුණා. ඒ, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මහ මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධූර සඳහා ඇයගේ නම ඉදිරිපත් කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත් රොෂාන් ගුණතිලක වැනි විනයගරුක හා දක්ෂ නිලධාරියකුට මෙවැනි තනතුරක් ලබාදීම හරහා ජනාධිපතිවරයාගේ දැක්ම ඉදිරියට ගෙන යමින් බස්නාහිර පළාත තුල විශාල වැඩ කොටසක් ඉටු කිරීමේ හැකියාව ලැබෙනු ඇති ජනතාව අපේක්ෂා කරනවා.

නව ආණ්ඩුකාරවරයා වැඩ භාරගත් අවස්ථාවේ චයරුප පහතින්…