තවත් කොරෝනා රෝගියෙක් සුවය ලබා පිටව යයි..

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ නව කොරෝනා ආසාධිතයන්ගෙන් තවත් අයෙකු සුවය ලබා තිබෙනවා.ඒ අනුව සුවය ලැබූ ගනන 3 දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.

මේ දක්වා හමුවූ සමස්ත ආසාධිතයන් ගණන 102 ක්. ඉන් 99 දෙනකු අයි ඩී එච් ඇතුලු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් පසුවනවා.

අයි ඩී එච් රෝහලේ 88 දෙනෙකු / වැලිකන්ද මූලික රෝහලේ 10 දෙනෙකු සහ මුල්ලේරියාව මූලික රෝහලේ එක් අයෙකුද වනවා.

විදේශිකයන් 3 දෙනෙකු ඇතුලු 255 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.

දැනට හමුවී ඇති ආසාධිතයන් 102 දෙනා අතුරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලින්. එම සංඛ්‍යාව 34 ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් 22 ක් කලුතර දිස්ත්‍රික්කයෙන් 14 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 10 ක් සහ පුත්තලමින් 9 දෙනෙකු දැනට වාර්තා වනවා