මුළු ඉන්දියාවම Lock Down කරයි.. කොරෝනා මැද ශ‍්‍රී ලංකාව දැඩි අර්බුදයක..

(25) සිට මුළු ඉන්දියාවම සති තුනක කාලයකට වසා දැමීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද ජාතිය අමතමින් කියා සිටියේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය සඳහා ඉන්දීය රජය විසින් මෙම පියවර ගන්නා බවයි.

මෙම කාලය තුළ ඉන්දීය ජනයාට නිවාස වලින් පිටතට යාම සම්පූර්ණයෙන්ම තහනම් බව ද ඔහු ජාතිය අමතමින් කියා සිටියේය.

ඉන්දියාවේ මේ වන විට කොරෝනා ආසාදිතයන් 519 දෙනකු වාර්තා වන අතර මරණ 10ක් වාර්තා වී ඇත.

ඉන්දියාවේ මෙම තීරණයත් සමඟ ශ්‍රී ලංකාව දැඩි ලෙස අර්බුදයට පත් වනු ඇති බව පිටකොටුවේ තොග වෙළෙඳ හිමියන් සඳහන් කරති.

මෙරටට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය වැඩි වශයෙන් ආනයනය කරනු ලබන්නේ ඉන්දියාවෙන් වීම මීට හේතුවයි. ‍

ශ‍්‍රී ලංකාවද මේ වන විට විට ඇඳිරි නීතිය පනවා ඇති තත්වය යටතේ ඉන්දියාවේ මෙම තීරණය මෙරට ජන ජීවිතයට දැඩිව බලපානු ඇති බව ඔවුන්ගේ අදහසයි.