රණවිරු චෝදනා වලට පිළිතුරු දෙන්න අපට ඉඩ දෙන්න – සිවිල් සංවිධාන රට වෙනුවෙන් පෙරට!

අද(05) දින ජනිවා මානව හිමිකම් කවුන්සලය මගින් රණවිරුවන්ට එල්ල කර අර ඇති යුධ අපරාද වලට පිලිතුරු ලබා දිමට අවස්ථාව ලබා දිමට කටයුතු කරල ලෙස ඉල්ලා එත්සත් ජාතින්ගේ කොළඹ පිහිටි කාර්්‍යාලයට ජාතික සංවිධාන එකමුතුවේ ප්‍රධානින් විසින් ලිපියක් බාර දෙන ලදි. එම අවස්ථාවට ජනිවා මානව හිමිකම් කවුන්සලයේ සාමය හා සංහිදියා අංශයේ ප්‍රධානි ප්‍රියාන් සෙනවිරත්න මහතා සහභාගි විය. ජාතික සංවිධාන නියෝජනය කරමින් ආචාර්ය ගුණදසා අමරසේකර, නිතිඥ කල්‍යානන්ද තාරානගම, වෛද්‍ය වසන්ත බණ්ඩාර, සේනාරත්නද සිල්වා, අනුරාධ තෙන්නකොන් ඇතුලු නියෝජතයින් පිරිසත් සහබාගි විය.

එම නියෝජිතයින් පලකල අදහස්

අවුරුදු 30ක් එල්ටීටීඊ ත්‍රස්තවාදය සමඟ යුධ වැඳුණු විවිධ රජයන් ත්‍රස්තවාදය සඳහා නොයෙකුත් විසඳුම් සොයන ලද නමුත් එල්ටීටීඊ සංවිධානය එම කිසිදු විසඳුමකට කැමති නොවී ඊළාම් දේශයක් වෙනුවෙන්ම සටන් කරමින් ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව ඝාතනය කරමින් දේපළ විනාශ කරමින් කරන ලද යුද්ධය 2009 වර්ෂයේදී පරාජය කරන ලදී.

එම යුද්ධය එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව මිස කිසිදු ජාතියකට එරෙහිව සිදු නොකරන ලද බව සැවොම දන්නා කරුණකි. 2009 වර්ෂයේ එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් ඇත්ත වශයෙන්ම බේරාගන්නා ලද්දේ අහිංසක දෙමළ ජනතාවයි. 2009 වර්ෂයේ සිට අද දක්වා වසර 12ක් තුළ එම දෙමළ ජනතාව වෙසෙන උතුරු සහ නැගෙනහිර ද රටේ අනෙකුත් ප්‍රදේශ තුළ ඇතිව ඇති සංවර්ධනය, ආර්ථීක වර්ධනය, යටිතල පහසුකම්වල දියුණුව සහ ජනජීවිතයේ නැගී සිටීම හොඳින්ම දන්නේ ශ්‍රී ලාංකික අපයි.

විවිධ අවස්ථාවල නොයෙකුත් රටවල්, සංවිධාන ලංකාවේ තත්ත්වය එම රටවල සිට විග්‍රහ කිරීමින් ඔවුන්ගේ භූ දේශපාලනික අරමුණු මත ලංකාවේ පවතින අවංක සංහිඳියාව, සංවර්ධනය සහ දියුණුව කඩාකප්පල් කිරීමට උත්සහ කරන බව හොඳින්ම පෙනෙන්නට තිබේ. ලංකාව පිළිබඳ රැගෙන ආ නොයෙකුත් මානව හිමිකම් වාර්තා ඒ හා සමාන වේ. පසුගිය සතියේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේද කිසිදු වෙනසක් නැත. ජිනීවා සිට ලියන ලද වාර්තාවක අන්තර්ගතය සහ ශ්‍රී ලංකා පොළොවේ සිදුවන අවංක සංහිඳියාව, සංවර්ධනය සහ දියුණුව අතර වෙනමස මෙම වාර්තාව මඟින් හොඳින් පෙනේ.

අද දින සිවිල් සංවිධාන 31ක එකමුතුවක් ලෙසින් එක්සත් ජාතීන්ගේ කාර්යාලයටත් මානව හිමිකම් කොමිසමේ සාමාජික රටවල්වලටත් ලිපියක් යොමු කරමින් කියා සිටියේ මෙම කරුණයි. භු දේශපාලනික අරමුණු වෙනුවෙන් මානව හිමිකම් මුවාවෙන් කුඩා රටවල්වලට කරන කෙනෙහිලිකම් නවත්වන ලෙසයි. ඔවුනගේ රටවල වෙසෙන දෙමළ ඩයස්පෝරා ඡන්දවලට යටත් නොවී මුලතිව් කිලිනොච්චි ප්‍රදේශවල වෙසෙන අහිංසක දෙමළ ජනතාවගෙන් ලංකාවේ තත්ත්වය අවංක සංහිඳියාව ගැන දැන ගන්නා ලෙසයි. මෙම අහිංසක දෙමළ ජනතාවටත් පොදුවේ ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය වන්නේ මානව හිමිකම් වාර්තා නොවේ, සිදුවුයේ කුමක්ද නොව, ඉදිරියට ජීවිතය, රට රැගෙන යන්නේ කෙලෙසද යන්නයි.

ලංකාව මුහුණ දුන් එල්ටීටීඊ භීෂණය 2009යෙන් ඉවර විය. එම භීෂණය දේශපාලනික හෝ භූ දේශපාලනික වශයෙන් ජනතාවට අවශ්‍ය නැත. සිවිල් සංවිධාන වශයෙන් අපගේ ඉල්ලීම ශ්‍රී ලංකාව ස්වෛරීය රටක් ලෙස පිලිගෙන අපගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවී අපගේ ප්‍රශ්න අපට විසදා ගැනීමට කාලය ලබා දෙන ලෙසයි. ජනතාවගේ අභිලාෂය තේරුම් ගන්නා ලෙසයි. වසර ගනණාවක් විදේශිකයින් දුන් උපදෙස්වලින් අප හෙම්බත්වී සිටිමු. එවැනි අතපෙවීම් අපට අවශ්‍ය නැත. අපට අවශ්‍යය රටේ අවංක සංහිඳියාව සහ සංවර්ධනයයි.