අනේ… මේ අපේ වික්ටර්…

වික්ටර් කිව්වම ලෝකෙට වික්ටර්ලා ගොඩයි.
ඒත් අපිට ඉන්නේ එකයි. එකම එකයි…
වික්ටර් රත්නායක කියන අසමසමයාට අපි කවුරුත් කැමති එකයි…
වික්ටර් කියන්නේ අපේ පරපුරට පමණක් නෙවෙයි,…
අපිට වගේම අපේ දෙමවුපියන්ට මතු නොව, අපේ දරුවන්ටත් රසය බෙදන්න තරම් නිර්මානත්මක වත්කමක්,
වපසරියක් තිබුණ ආදරණීයයෙක් බව මම හිතන්නේ නොදන්නා කෙනෙක් නැතුව ඇති…
වික්ටර්ට අනතුරක් වෙනකොට වික්ටර්ගේ ලෙයින් මසින් හැදුණු පුතාලා දූලටත් වඩා
පොදු රසික කැළ විදියට අපට රිදෙන්නේ, අපි අකමැති උනේ ඒකයි…
වික්ටර් සම්ප්‍රදාය වෙනස් කරපු මිනිහෙක්. වික්ටර් සාම්ප්‍රදායික සංගීතයට අභියෝග කළ මිනිහෙක්.
මුල්ම යුගයේ පෙර – අපර දෙදිග සංගීතය එකට ප්‍රායෝගිකව මුසු කලේ ඔහු…
වික්ටර් රත්නායකගෙ “ස” ප්‍රසංගයේ ඔහු ඒක කරන අපූරුව අදටත් අපට අමතක නෑ..
හාමෝනියන් එක වයමින් “පොඩි කුමාරි හාමියේ” ගීය කිය කිය හිටපු ඔහු නැගිටලා මයික් එක අතට ගන්නවා.
එතෙක් ඩෝලක්කිය වයමින් හිටපු හේමපාල ගාල්ලගේ නැගිටලා ඇවිත් ඩ්‍රම්සෙට් එකේ වාඩි වෙනවා.
වික්ටර් “අඳුර බිඳින්නට රැයක් දවාලු”… ගීය කියනවා.
මොන තරම් මිහිරක් ද දෙයියනේ ඒ… ඒ විඳපු මිහිර අපිට අදටත් අමතක නෑ…
මෙන්න මේ වෙනස අපේ සිංහල සංගීතය තුළ පුදුමාකාර පෙරැළියක් ඇති කළා.
සිංහල සරල සංගීතය ගවු ගාණක ඉදිරි පියවරක් පැන්නා…
අපි වික්ටර්ව අත නොහැර හැමදාම වැළඳගත්තේ ඒකයි…
අපේ රටේ සංගීතය තුළත් එකක් පිටිපස එකක් රැලි ආවා.
ඒ රැලි එකකටවත් වික්ටර් රත්නායක අහුවෙලා ගහගෙන ගියා ද… ඔහු සැලුනද… නෑ…
බය නැතුව ඒ රැළි වලට අභියෝග කළා…
සන්ෆ්ලවර් රැල්ල ඇතුළු සියලු රැලි වලට ඔහු අභීත ව පහර දුන්නා…
සිංහල සංගීතය අදටත් ⁣බේරී තියෙන්නෙ අන්න ඒ නිසයි…
එතකොට දේශපාලන රැළි… නෑ නෑ…
ඒ එකකටවත් ඔහු අහු වුනේ නෑ…
ජයන්ත රත්නායක ලෙලුම් රත්නායක වගේ විශිෂ්ඨයන්ට වත් තමන්ගේ ගීත කියන්න නොදී
තමන්ට හිමි ගී ආර රැක ගත්තේ පෙරේත කමට නොවෙයි,
සංගීතයට තිබුණු ආදරය නිසාම යි කියලා අපි දන්නවා.
වික්ටර් තමන්ගේ අනන්‍යතාවය ට තමන්ගේ ගීත ආත්මයට ඒ තරම්ම ආදරය කළ කෙනෙක්…
ඒ අදීන ගායකයා මේ විදිහට මුළු ගායක පරපුරටම පාර කිව්ව විශිෂ්ටයෙකු ලෙස යුග පුරුෂයෙක් වුණා.
කොල්ලන්ගෙ භාෂාවෙන් එතකොට කොල්ලො ඔහුට කිව්වේ “ලෙජන්ඩ් එකක්” කියලා…
ඒත් “තනිකම” කියන මොකක්දෝ අන්ධකාර මූසල වලාකුළ වික්ටර් රත්නායක ව ග්‍රහණය කර ගත්තේ
ඔහුගේ ආදරණීය “බිරිඳ චිත්‍රා” අක්කා ජීවිතයෙන් සමු ගත්තාට පස්සේ.
පසුකාලීනව වික්ටර් රත්නායක කියන්නේ සල්ලි ආකරයක්.
ඒවා ඔහු හොයාගත්තේ දුක් විදිමින් නිදි මරමින් බව ඇත්ත.
එක සතයක් අනවශ්‍ය විදිහට වියදම් කළේ නෑ ඔහු…
ඒත් තම දුවා දරුවන්ට කුරුළු පිහාටුවක තරම් වත් වෙනසක් නොමැතිව ඔහු ඒ මිල මුදල් වලින් උදව් උපකාර කළා.
බෙදා හදා දුන්නා. යුතුකම් ඉටු කළා..
ඒ අතර තමන්ගෙ ජීවිතය සුවපත් කර ගන්නත් යම්තාක් මුදලක් ඉතිරි පහදු කරගත්තා.
ඒකෙ වරදක් නෑ…

තනිකම කියන අන්ධකාර වලාකුළු අතරේ ඔහුගේ ජීවිතයට උල්කාපාතයක් පාත්වුණේ
එළිය දෙන්න නෙවෙයි කියලා ඔහුට දැනුනේ නෑ.
දරුණු තනිකමින් පීඩිත ව හිටපු ඔහු ඒ උල්කාපාත එළිවල රශ්මිය නිසා නිලංකාර වෙන්න ඇති…
අන්තිමේ ඔහු ඒ නිලංකාර විලම්භීත උල්කාපාත එළිවල
වහලෙක් බවට පත් වුණ අයුරු බලන්න…
හෂිනි අමේන්ද්‍රා….
ඒ උල්කාපාත තාරකාවේ නම…
වික්ටර් ඒ උල්කාපාත තාරකාවේ ආලෝකයෙන් ඇස් නිලංකාර කර ගත්තා…
ඒත් කවුරුවත් ඔහුට දොස් නැගුවේ නෑ…
ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ඔහු මේ ගිලී සිටින නාරා වලෙන් ගොඩ එන්නට සුබ ප්‍රාර්ථනා කළා…
ගීතයක් වගේ ඔහුගේ ජීවිතය රසවත් වේවායි ප්‍රාර්ථනා කළා…
මේ අදීන මිනිසා කවදා හෝ මේ අන්ධකාර වලාකුලේ දැවටී පැමිණි
මේ මායාකාරී උල්කාපාතයෙන් මිදෙනු ඇතැ යි බලා සිටියා…
ඒත් දෙවියනේ ලොවක් රසවත් කළ ඒ අපූර්ව මිනිසා… වික්ටර්.
ඔහු අද මේ විදින දුක බලන්න…
පානදුර ප්‍රදේශයේ කොහෙදෝ මිත්‍යා දෘෂ්ටික ආගමික නිකායක
ෆාස්ටර් වරයෙකු යටතේ ඔහු මේ දුක් විඳිමින් ප්‍රාර්ථනා කරන්නේ
කවර නම් විමුක්තියක්ද…

https://www.facebook.com/watch/?v=218741752966252

###සින්දු පිස්සා