ක්‍රිකට් ආයතනයෙන් තිසරට අවවාද

ක්‍රිකට් ක්‍රීඩකයන් සමඟින් සමාජ මාධ්‍ය ඔස්සේ වාද විවාදවලට සම්බන්ධ වීමෙන් වළකින ලෙස ශ්‍රී  ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාට ක්‍රිකට් ආයතනය පළමු සහ අවසන් අවවාදය නිකුත් කර ඇති බව වාර්තා වේ. 

ඒ අනුව පසුගියදා ශ්‍රී  ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය ශෙහාන් ජයසූරිය සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ තිසර ඇතිකරගෙන තිබූ මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් මෙම පියවර ගෙන ඇති බව සඳහන්ය. එය ප්‍රසිද්ධියේ කිලිටි රෙදි සේදීමක් වැනි කටයුත්තක් වන හෙයින් එය වහාම නතර කරන ලෙස ක්‍රිකට් ක්ෂේත්‍රයට සම්බන්ධ පාර්ශ්ව ගණනාවක් ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා තිබීම හේතුවෙන් ක්‍රිකට් ආයතනය අදාළ පියවර ගෙන ඇති බව පැවැසේ.