රන්ජන් රාමනායකට මන්ත්‍රීකමත් අහිමි වෙයි

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතාට වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදීමෙන් පසු ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වන බව මැතිවරණ මහ ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේ ඇතිවන පුරප්පාඩුවට සමගි ජන බලවේගයේ අජිත් මාන්නප්පෙරුම මහතා පත්කෙරෙනු ඇතැයි එම ආරංචි පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නඩු තීන්දුව පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත ලැබීමෙන් පසු මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී පවතින බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම්දෙනු ලබන අතර අනතුරුව මැතිවරණ කොමිෂන් සභාව අදාළ පුරප්පාඩුව සඳහා පත්කෙරෙන මන්ත්‍රිවරයාගේ නම ගැසට් මගින් ප්‍රකාශයට පත්කෙරෙනු ඇත.