කුරුණෑගල රක්ෂණ වන්දි විරෝධයට ඔබත් රැවටුනාද? – ලක්ෂ 350කට ගහපු ගේම සාක්ෂි සහිතව එලියට!

පසුගිය දිනවල සොෆ්ට්ලොජික් රක්ෂණ සමාගම රක්ෂණ වන්දි නොගෙවූ බව පවසමින් සොෆ්ට්ලොජික් ලය්ෆ් කුරුණෑගල ශාඛාව ඉදිරියේ විරෝධයක නිරත වන පුද්ගලයකු පිළිබඳව සමාජ ජාල වාර්තා රැසක් පළවූ අතර එහි ඇත්ත සිදුවීම කුමක්ද යන්න නොදැන බොහෝ දෙනා අදාළ පුවතට වැඩි ප්‍රචාරයක් ලාබාදී තිබෙනු දකින්නට ලැබුනා.

රක්ෂණ සමාගම් වෙත චෝදනා කරන රැල්ලක් නිර්මාණය වී ඇති පසුබිමක මෙවන් ප්‍රචාර සඳහා ඇත්ත නැත්ත සොයා නොබලාම ප්‍රචාර ලැබීම සාමාන්‍ය කරුණක් වුවත් වන්දි මුදල් ගෙවීම ප්‍රතික්ෂේපවීම පසුපස ඇති සැබෑ තත්වය සොයා බැලීමේදී ප්‍රචාරය වන කරුණු වලට වඩා හාත්පසින්ම වෙනස් කරුණු කරනා සැඟවී ඇතිබව හෙළිවනු ඇත.

සොෆ්ට්ලොජික් රක්ෂණ සමාගම ඉලක්ක කරගෙන ප්‍රචාරය වන මේ සිදුවීම පිළිබඳවද සිදු කරනු ලැබූ සොයා බැලීමේදී වන්දි මුදල ප්‍රතික්ෂේප වූ බවට විරෝධතාවය දක්වන පුද්ගලයා පිළිබඳව කරුණු කාරනා රැසක් හෙළිවී තිබේ. එහිදී මෙම පුද්ගලයා අදාළ අනතුර සඳහා රක්ෂණ ආයතන 3ක් හරහා හිමිකම් ඉල්ලා ඇති අතර ඒ මිලියන 20ක් මිලියන 15 වන්දි මුදල් දෙකක් වශයෙනි ඒ අනුව සමස්තය මිලියන 50ක් එනම් ලක්ෂ 500කි නමුත් මෙරට රක්ෂණ නීති අනුව මෙවන් අනතුරකදී ලබාගත හැකි ඉහිම්කම් මුදලේ උපරිමය මිලියන 30ක් හෙවත් ලක්ෂ 300කි. සැකයට තුඩුදෙන තවත් කාරණයක් වන්නේ අදාළ පුද්ගලයා එම රක්ෂණ ඔප්පු ත්‍රිත්වයම ලබාගෙන ඇත්තේ පසුගිය දෙසැම්බර්  මාසයේ 3, 13, හා 26 වැනි ආසන්න දිනයන් වලදී වීමය.තවද රජයේ රෝහලකින් ප්‍රතිකාර ලබා නිවසට පැමිනි මොහු නැවතත් පුද්ගලික රෝහලකට ඇතුලත්ව කකුල කැපීමේ සැත්කම සිදුකරගෙන ඇති අතර මේ සියල්ල රහස් තොරතුරු මාර්ගයෙන් අනාවරණය කර ගැනීමෙන් පසුව අදාළ සිදුවීම් අතර යම් සැකයක් උද්ගතව ඇති බැවින් රක්ෂණ වන්දි ගෙවීම ප්‍රතික්ෂේක කොට ඇති බවයි වාර්තා වන්නේ. තවද සිදුකල සොයා බැලීම් වලදී මෙම පුද්ගලයාගේ අදායම අනුව ඉහත කී රක්ෂණ ඔප්පු වලට අදාළ ගෙවීම් කිරීමට තරම් ආදායමක් ඔහුට නොමැති බවද ඔප්පු ලබාගැනීමේ සිටම යම් වංචාවක් සඳහා අදාළ පුද්ගලයා සුදානමින් සියල්ල ක්‍රමානුකුලව සිදුකොට ඇති බවටද සැක මතුව තිබෙන ඇත. ඒ අනුව අදාළ සමාගම් විසින් මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව රහස් පොලිසිය මගින් කරුණු සොයා බැලීමක් සිදුවෙමින් පවතින අතර අදාළ පුද්ගලයාට ඇත්ත වශයෙන්ම අසාධාරණයක් වී ඇත්නම් සමාගමට විරුද්ධව නඩු පැවරීමට හෝ පැමිණිලි කිරීමට හැකි මුත් ඔහු එසේ නොකර අදාළ සමාගම ඉදිරිපිට විරෝධය දැක්වීම හරහා ඔහු යම් වංචාවක් සිදු කරන බව තහවුරු වෙමින් ඇත. අවසානයේ කිවයුතුව ඇත්තේ අප රක්ෂණ සමාගමක් සමඟ ගිවිසුම්ගතව රක්ෂණ ඔප්පු ලබා ගන්නා විට ඊට අදාළ කොන්දේසි මෙන්ම වන්දි ලබාගැනීමේ ක්‍රියා පිළිවෙත පිළිබඳවද අවබෝධයෙන් කටයුතු කළයුතුව ඇත, රක්ෂණ සමාගම් වලට චෝදනා කරන බොහෝ දෙනා තමන්ගේ පැත්තේ වරද තබාගෙන එය වසා ගැනීමට අසත්‍ය චෝදනා කරමින් සිටී. නමුත් ඇත්ත කතාව නිවැරදි පිළිවෙලට වංචාවකින් තොරව වන්දි ලබාගැනීමේ ක්‍රමවේදය අනුගමනය කරයි නම් රක්ෂණ සමාගමකට කිසිසේත්ම වන්දි මුදල් ගෙවීම පහර හැරීමට නොහැකි අතර රක්ෂණ ලාභියාට ඕනෑම මොහොතක නීතියේ පිහිට පතමින් සාධාරණය ලබාගත නොහැකිය, එසේ නැතුව බෝඩ් උස්සගෙන විරෝධතා කල පලියට වංචාව යට ගසමින් සාධාරණය ඉටු වීම සිදු නොවන අබව සියලුදෙනා වටහා ගත යුතුය. සමාජ ජාල තුල අදාළ සිදුවීම වාර්තා කල ඇත්තේ මේ අයුරින්… 

https://www.facebook.com/plugins/post.php?href=https%3A%2F%2Fwww.facebook.com%2F33000V.LK%2Fposts%2F4297336976960651&width=500&show_text=true&appId=475257469629275&height=670මේ සිදුවීම සම්බන්ධයෙන් අදාළ සමාගම නිකුත් කල නිවේදනයක් පහතින්…