ජනගහණයෙන් 20%කට සාර්ථක කොවිඩ් එන්නතක් දෙන බව පවිත්‍රා කියයි!

මෙරට ජනගහනයෙන් සියයට 20 කට සාර්ථක කොවිඞ් මර්දන එන්නතක් ලබාදීමට රජය සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා. අග‍්‍රාමාත්‍යවරයාගෙන් ප‍්‍රශ්න විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී උපුල් ගලප්පත්ති යොමු කළ ප‍්‍රශ්නයකට අග‍්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පිළිතුරු ලබාදෙමින් ඇය මේ බව කියා සිටියා.