නැගෙනහිර පර්යන්තයේ අයිතිය විදෙස් සමාගමකට පැවරීමේ කිසිදු තීරණයක් ගෙන නැහැ!

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කළමණාකරණය හා මුළු අයිතිය හෝ අයිතියෙන් කොටසක් විදේශ සමාගමකට පැවරීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා. ඒ, අග‍්‍රාමාත්‍යවරයාගෙන් ප‍්‍රශ්න විමසන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින්.