අලිය හොදයි – හංසයා ටිකක් හොදයි – හදවත විහිළුවක් බව නවීන් කියයි!

එක්සත් ජාතික පක්‍ෂය එළඹෙන මහ මැතිවරණයට තරග කරන්නේ කුමන සන්ධානයක් හෝ ලකුණක් යටතේ දැයි අදත් විවිධ මත පළ වුණා. මේ, එක්සත් ජාතික පක්‍ෂයේ සිරිකොත මූලස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදි ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක.

පවතින ගැටළු ලබන සදුදා වනවිට විසදා ගැනීමට අපේක්‍ෂා කරන බවද නවීන් දිසානායක මන්ත්‍රීවරයා මෙහිදී කියාසිටියා.

මේ අතර කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදි හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඒ, තවත් කල් නොයවා මෙම සතියේම ගැටළු විසදා ගතයුතු බව අවධාරණය කරමින්.

මෙම අවස්ථාවේදී ගතයුතු තීන්දුව වන්නේ එළඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය කණ්ඩායම් 2 ක් ලෙස තරග කරන්නේද? නැතහොත් තනි කණ්ඩායමක් ලෙස තරග කරන්නේද යන්න බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.