පුතානෝගේ පියානෝ අතුරුදන්කල කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන් හඩ නැගූ බෙලිඅත්තේ පොඩි පුතා…

88/89 කලවකානුව තුල ප්‍රේමදාස පාලන සමයේ දහස් ගණනින් තරුණ තරුණියන් මහ මග දැවෙද්දී තවත් අහිංසක තරුණයන් අතුරුදහන් වුයේ නොම්මර තහඩුවක්වත් නොමැති වාහනයකින් මගේ පුතාද එම කාලය තුලදී අතුරුදහන් වුනේ අයුක්තියට එරෙහිව හඬ නැගීමේ වරදටය .

තාත්තා නැතිව කුඩා කල සිට මා බොහෝ අඟහිඟකම් මධ්‍යයේ හදා වඩා ගත් පුතා නොකළ වරදකට අතුරුදහන් වී වීම මට දරාගන්නට බැරිවිය .මට වටින් ගොඩින් ආ ආරංචිවලින් දැනගන්නට ලැබුනේ පුතා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවය .අත්අඩංගුවට ගෙන තිබුනේ කොයි පොලිසියෙන්ද යන්න මට ආරංචි නොවූ අතර මා හට අන්තිමට ඉතිරි වුයේ නීතියේ සරණ බව මා වටහගත්තද ? බොහෝ නිතිඥයන් ලඟට ගිය විට ලැබුන පිළිතුර වන්නේ “පිස්සුද අම්මේ කළු ගලේ ඔලුව ගහගන්න අපෝ මටනම් බැ ඔය නඩු වෙනුවෙන් කතා කරන්න “ තවත් නිතිඥය මහත්වරුන් ලඟට ගිය විට ඔවුන් අධික නිතිඥය ගාස්තු ඉල්ලීම හේතුවෙන් මම තවත් අසරණ විය

බෙලිඅත්තට නුදුරු මගේ යාලුවෙක් තංගල්ලේ ටවුමේදී හමුවී මෙම විස්තරේ කියූ විට ඇය කිවේ “ඔයා ගිහිල්ලා පොඩ්ඩක් බෙලිඅත්තේ පොඩි පුතාට කියන්න “ මම එය ඇසු විගසින් හවස් වරුවේදී බෙලිඅත්තේ පොඩි පුතා හමුවීමට ගිය අතර ඔහු මෙම නඩුවට ගාස්තු රහිතව ඉදිරිපත් වීමට එක පයින් කැමති විය.

මම බෙලිඅත්තේ පොඩි පුතාට පිං දී පැමිණි අතර පසුව බෙලිඅත්තේ පොඩි පුතා ලංකාවේ ආදරය දිනා ගත් පස්වන විධායක ජනාධිපති බවට පත් වුයේ ඔහුගේ ජනතාවට ඇති ලෙන්ගතු කම නිසාය .