සිරිසේන-චන්ද‍්‍රිකා එපා.. පොහොට්ටුවට තනිවම 2/3 ගන්න පුළුවන්..

මීළඟ මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 2/3ක බලයක් ලබා ගැනීමට මෛත්‍රීපාල සිරිසේන හෝ චන්ද්‍රිකා කුමාරතුංග යන අයගේ සහාය අවශ්‍ය නැති බව ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

අන්තවාදී නොවන රටට ආදරය කරන ඕනෑම අයෙකුට පොහොට්ටුව සමඟ එක් විය හැකි බවද ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ අත්තනගල්ල ප්‍රාදේශීය සභා ශ‍්‍රවණාගාරයේදී පැවති උත්සවයක් අමතමිනි.

අලුත් අවුරුද්දෙන් පසු මීලග පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා බහුතර බලයක් ඇති ආණ්ඩුවක් පිහිටුවන බවද ඔහු එහිදී පැවසීය.