ඇමරිකානු ජනපතිට අමතක නොවන පහරක් ගැසූ යකඩ ගැහැණිය – Photos

ඉදිරි සිව් වසර සඳහාද ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙස කටයු කරන්නේ තමා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියා. ඒ ජාතිය අමතමින් සිදුකළ දේශනයකදී.

මෙහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ට දැඩි විවේචනයක්ද එල්ල කළා. ඇමරිකානු ජනාධිපතිවරයා සිදුකළ කතාව අතරතුරදී නියෝජිත මණ්ඩලයේ කතානායිකා ඩිමොක්‍රටික් පාක්ෂික නැන්සි පොලොසි ක්‍රියා කළ අයුරු විදෙස් මාධ්‍යවල දැඩි අවධානයකට යොමුව තිබුණා. ඇය ජනපති  ට්‍රම්ට අතට අත දීමට ගියත් ඔහු එය ප්‍රතික්ෂේප කල නිසා ජනාධිපතිවරයාගේ කතාවේ පිටපත් ඔහු ඉදිරියේම ඉරා දමමින් ඇය එයට ප්‍රතිචාර දැක්වුවා