බන්ධනාගාරවල කොවිඩ් තත්ත්වය

වැලිකඩ බන්ධනාගාරය හැරුණු විට කොවිඩ් ආසාදිතයින් වාර්තා වු අනෙකුත් බන්ධනාගාර තුළ රෝග ව්‍යාප්තිය පාලනයකර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ බන්ධනාගාර 6කින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වුවද තවදුරටත් කොවිඩ් අවදනාම පවතින්නේ වැලිකඩ බන්ධනාගාරය තුළ පමණක් බවය.

“සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් අනුව වැලිකඩ බන්ධනාගාරය ආශ්‍රිතව ඇතිවෙලා තියෙන කොවිඩ් අවදානම පාලනය කරන්න යම් යම් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒ සඳහා නේවාසිකයන්ගේ සහයෝගය අපිට ඉතාමත් හොඳින් ලැබෙනවා. අපි නිරන්තරයෙන් PCR පරීක්ෂණ සිදුකරලා රෝගීන් ඉන්නවා නම් ඒ අය රෝහල්ගත කරන්න කටයුතු කරනවා. බන්ධනාගාර 6ක තිබුණු මෙම තත්ත්වය අපි මනාව පාලනය කළා.  මේ වනවිට වැලිකඩ බන්ධනාගාරය ආශ්‍රිතව පමණක් ව්‍යාප්ත වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ,” යනුවෙන් ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

බන්ධනාගාර තුළින් ඊයේ (24) දිනයේ ආසාදිතයින් 24 දෙනෙකු හඳුනාගෙන තිබුණු අතර ඔක්තෝබර් 04 වනදා සිට හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 708කි.

adadeara