“අපිට කතෘ භාග එපා අපිට ඇති තරම් සල්ලි තියෙනවා” තරුණ ගායකයාගේ උද්දච්චකමින් ගායක ගායිකාවන්ට වෙන්න යන දේ?

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සියලුම මාධ්‍ය නාලිකා හරහා (රුපවාහිනී හා ගුවන්විදුලි) ප්‍රචාරය වන ගීත සඳහා කතෘ භාග ගෙවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට දැනුම්දීමත් සමඟ ඒ සඳහා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කටයුතු කරමින් සිටින අතර ඒ අනුව යමින් සමාජ මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම වරට “අපේ සින්දු” ෆේස්බුක් පිටුවද එසේ කතෘ භාග ගෙවීමට සුදානම් බවට පුවත් පළවුනා.

කෙසේ වෙතත් කතෘ භාග ගෙවීම සම්බන්ධයෙන් තරුණ ගායන ශිල්පියකු අදහස් දක්වමින් සිදුකල උද්දච්ච ප්‍රකාශයක් නිසා එම ක්‍රමවේදයට කණ කොකා හඬන තත්වයක් උදා වී ඇති බවයි වාර්තා වන්නේ සිද්ධියට අනුව අදාළ ගායන ශිල්පියා කියා ඇත්තේ තමන්ට ඇති තරම් මුදල් තිබෙන බවත් මාධ්‍ය හරහා තම ගීත ප්‍රචාරය කලත් නැතත්ඒ එය තමන්ට ගැටළුවක් නොවන බවත් උද්දච හා පණ්ඩිත ප්‍රකාශයක් කර ඇත එබැවින් කතෘ භාග ගෙවීම අවශ්‍යතාවයක් නොවන බවයි ඔහු පවසා ඇත්තේ.

මේ ප්‍රකාශය අනුව කොහොමත් කතෘ භාග ගෙවීමට පොල්ල තියන්නට මඟ සොයමින් සිටින මාධ්‍ය ආයතනවලට රජ මඟුල් තත්වයක් උදාවී ඇති අතර බහුතරයක් ගායක ගායිකාවන්ට මේ හේතුවෙන් දැඩි අසීරුතාවයන් ඇතිව ඇති බවයි කියවෙන්නේ…