කී බෝඩ් වීරයින්ට නාමල්ගෙන් පාඩමක් – වෙඩි තැබීමේ ක්‍රීඩාවගැන රටම දැනගනියි! [VIDEO]

සමාජ ජාල මාධ්‍ය හරි අපුරුය අත්තක් හෝ බොරුවක් හෝ ඔහේ ඔලුවේ තියාගෙන යන ඇඩ්මින් මල්ලිලා සහ අයියලා ඇත්ත බොරුව කරන්නටත් බොරුව ඇත්ත කරන්නට සමතුන් බව දන්නෝ දනිති.

නමුත් ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ සහ ඔහුගේ මාධ්‍ය අංශය එක්ව ඌරාගේ මාළු ඌරාගේ ඇගේ තබාම කපා දමන අකාරයේ මාධ්‍ය මෙහෙයුමක් දියත් කොට පැය 24ක් යන්නට මත්තෙන් සමාජ ජාල අවධානය ක්‍රීඩාවක් වෙත යොමු කරගන්නට සමත්ව ඇති බව වාර්තා වනවා. ඒ අනුව හන්තාන වෙඩිතැබීමේ පිටියේදී සංවිධානය කරතිබු ‘Sharp Shooter 2020’ වාර්ශික වෙඩිතැබීමේ තරඟාවලිය පිළිබඳව සමාජ ජාල හරහා අවධානය යොමුවී අවසානයි.

මීලඟ වසර 5 තුල දී එදා ජීවිතයක් බිලි ගත් තුවක්කුව අපට අනාගතයේ දී පදක්කමක් ගෙන ආ හැකි තුවක්කුවක් බවට පරිවර්තනය කළ හැකි වේ යැයි විශ්වාස කරන බව ගරු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමන් ප්‍රකාශ කරයි. Hon. Minister Namal Rajapaksa states that he believes that in the next 5 years, it will be able to turn the gun that took our lives, into a gun that can bring us a medal in the future.

Gepostet von Namal Rajapaksa Media am Montag, 5. Oktober 2020

අදාළ අවස්ථාවට සහභාගී වූ නාමල් රාජපක්ෂ ඇමතිවරයා සිය සහෝදරයා වන යෝෂිත රාජපක්ෂ වෙත සහතික සහ පදක්කම් ලබා දුන් අවස්ථාවක ගත් චායාරුපයක් සමාජ ජාල හරහා ප්‍රචාරය වන අතර එහි යට සැඟවුණු කතාව නාමල් රාජපක්ෂ මහතාගේ අදාළ ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාවය බොහෝ සමාජ ජාල ක්‍රියාකාරිකයින් නොදන්නා කතාවක් වුවත් මේ වනවිට “මීලඟ වසර 5 තුල දී එදා ජීවිතයක් බිලි ගත් තුවක්කුව අපට අනාගතයේ දී පදක්කමක් ගෙන ආ හැකි තුවක්කුවක් බවට පරිවර්තනය කළ හැකියි” යන අමාත්‍යවරයාගේ බලාපොරොත්තුව ජනගතවී අවසානයි…

සමාජ ජාල හරහා විවේචන සහිතව ප්‍රචාරය වූ චායරුපය පහතින්….

ඉහත චායරුපය පසුපස සැඟවුණු ‘Sharp Shooter 2020’ ජයග්‍රාහකයින් මෙන්න…

ක්‍රීඩාව ගැන මෙලෝ හසරක් නොදන්නා ඇමතිලා වෙනුවෙට තරුණ ක්‍රීඩකයකු ක්‍රීඩා ඇමති වූ පසු…