කෑම බීම වල වස විස තියෙනවද? ලේබලය බලලා දැනගන්නේ මෙන්න මෙහෙමයි!

පසුගිය කාලයේ ආහාර වර්ණකාරක පිළිබඳව වැඩි කතාබහක් ඇතිවූ අතර ඒ සමඟම E සහ INS කේත අංක පිළිබඳවත් අවධානය යොමුවූ බව ඔබ දන්නවා ඇති. කෙසේ නමුත් සාමාන්‍ය කෙනෙක්ට මේ ගැන අවබෝධයක් නැති වෙන්න පුළුවන්.අන්න ඒ නිසා INS කියන්නේ මොකක්ද කියලා හරියටම දැනගන්න එක ගොඩක් වටිනවා. මේ ගැන හිටපු එස්.එන්.ආර්. නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ජානකි ගුණරත්න මහත්මිය සඳහන් කරලා තිබුනෙ මෙන්න මේ විදියට.

INS කියන්නේ ආහාර වර්ණකාරක සඳහා වන ජාත්‍යන්තර අංක කරන පද්ධතියයි යුරෝපය පදනම් කරගෙන තමයි මෙම අංකකරණ ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ. එහි වගකීම දරන්නේ එක්සත් ජාතීන්ගේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ යුරෝපා නිදහස් වෙළෙඳ සංගම ජාත්‍යන්තර ආහාර ප්‍රමිති සංවිධානයක් වන codex කමිටුව මගිනි.

INS කේත සකස් කර ඇත්තේ ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට අනුව ආහාර නිෂ්පාදනයට අදාළ මාර්ගෝපදේශන එකතුවක් සැලකිල්ලට ගනිමින් .
මෙහිදී එක් එක් ආහාර වර්ණක සඳහා ස්වාධීන අවදානම් තක්සේරුවක් විශේෂඥ දැනුම ඇති කණ්ඩායමක් මගින් සිදුකරනු ලබනවා. මේ හරහා ආහාරවල ආරක්ෂිත බව ප්‍රමිතිගත වෙනවා.

INS ,E කේත ලෙස හඳුන්වන්නේ එලෙස ආහාර වර්ණකාරක සඳහා නම්ව ඇති කේත අංකයි. මේවා ආහාර වලට එක් කරද්දී තාක්ෂණික අවශ්‍යතාවයන් ගැන සැලකිලිමත් වෙනවා වගේම ආහාරවල පවතින පෝෂණ ගුණය පිළිබඳවත් ඉතාමත් සැලකිලිමත් වෙනවා .

ඉතිං අපේ රටෙත් නිෂ්පාදනය වන සියලුම ආහාර ඇසුරුම් ලේබල්වල මෙලෙස නියමිත ප්‍රමිතීන්ට අනුව යොදන වර්ණකරක වලට අදාළ කේතාංකකරණ ක්‍රියාවලිය සිදු වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව තුළ නම් කරන සෑම ආහාර නිෂ්පාදනයක් සදහාම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන පරිපාලන උපදේශක කමිටුව මගින් එක් එක් ආහාර සඳහා වර්ණක එකතු කිරීමට අවසරය හා ඊට අදාළ අදාළ ආරක්ෂිත මට්ටම තීරණය කරනු ලබනවා.

මේ පිළිබඳව රජය නිකුත් කරන ලද ඇති විශේෂ ගැසට් පත්‍රයේ මෙම වර්ණක පිළිබඳව දැක්වෙන්නේ මේ අකාරයෙන්…

මෙම E සහ INS කේත අංක ලේබලයේ සඳහන් කරමින් මෙරට වෙළඳපොලේ ඇති නිෂ්පාදන කිහිපයක් පහතින්…