රන්ජන්ට ජම්පර්.. රිමාන්ඩ් කෙරේ..චෝදනාව – අධිකරණයට බලපෑම් කිරීම VIDEO

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක එළඹෙන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඔහු අත්අඩංගුවට ගන්නා ලද්දේ අධිකරණයට බලපෑම් කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මතයි.

ඔහුගේ හඬ පරීක්ෂණයක් සඳහා රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කරන ලෙස ද අද නියෝග කර ඇත.