පැරදුනු පොහොට්ටුවන් ආයතන සභාපති ධුර ඉල්ලති – නමුත් ජනපති හරස් වෙයි..

මෙවර මහ මැතිවරණයෙන් පරාජයට පත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මැති ඇමතිවරුන් රජයේ ආයතවල සභාපති ධූර බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙයි.

මේ ගැන ආණ්ඩුවේ ප්‍රධානීන්ට කිහිප දෙනෙක්ම දැනුවත් කර ඇතැයිද සදහන්ය.

කෙසේ නමුත් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා දන්වා ඇත්තේ තමන්ගේ අනුදැනුමින් තොරව කිසිදු රාජ්‍ය ආයතනයක සභාපති හෝ අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත්කිරීමක් මාරු කිරීමක් සිදු නොකරන ලෙසයි.