මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා අභාවප්‍රාප්ත වෙයි!

මහාචාර්‍ය ගංගානාත් දිසානායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතා මීට මාස කිහිපයක සිට රෝගාතුර වී පසුවූවා.

කලක් ජපානයේ ශ්‍රී ලංකා තානාපති ලෙසද කටයුතු කල ඔහු ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති තනතුරද හොබවනු ලැබූවා.

සම්මානනීය ලේඛකයෙකු ලෙසට ප්‍රකට ඔහු විසින් සති අන්ත ලංකාදීප පුවත්පත ට රචනා කල “පැණි වළලු”තීරු ලිපිය ඉමහත් ජනප්‍රියත්වයට පත් විය.