රාජිතට ජම්පර් ලෑස්තියි – සුදු වෑන් කිඹුලන් රජයේ සාක්‍ෂිකරුවන් වෙයි!

පසුගිය ජනාධිපතිවරණ සමයේ දී සිදු කරන ලද ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් හිටපු ඇමති රාජිත සේනාරත්නට සහ එවකට රාජ්‍ය ඖෂධ සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන දෙනොට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර තිබේ.

නීති වරයා විසින් විසින් මෙසේ අධි චෝදනා ගොනු කර ඇත්තේ මෙම සිදුවීම සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් සිදු කරන ලද කරුණු විමර්ශනයකින් පසුවයි.

මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නීතිපතිවරයා විසින් නම් කර ඇත්තේ අදාල මාධ්‍ය හමුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවන් දෙදෙනා වන සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන අයයි.

ඔවුන් දෙදෙනා දැනටමත් රහස් පොලිසියට සඳහන් කර ඇත්තේ එම මාධ්‍ය හමුව රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත පවත්වන ලද්දක් බවත් ඊට මුදල් ලබා දුන්නේ මොහාමඩ් රූමි විසින් බවත්ය.