සුදු වෑන් කිඹුලන්ට රහස් පොලීසියේදී නොනැවතී මල-මුත‍්‍රා පිටවෙයි.. ප‍්‍රකාශ පරස්පරයි.. නොනැවතී පැය 72ක් ප‍්‍රශ්න කෙරේ..

ඇමති රාජිත සේනාරත්න සමඟ පසුගිය ජනාධිපතිවරණයට පෙර සතියෙදි විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කළ පුද්ගලයින් දෙදෙනා මේ වන විටත් රහස් පොලිසිය විසින් ප්‍රශ්න කරමින් තිබේ.

ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සඳහා පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබාගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වාර්තා කරන්නේ ඔවුන් දෙදෙනා විසින් දැනට සඳහන් කරන ලද කරුණු පරස්පර විරෝධී ඒවා බවයි.

සිදු කර ලද ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් දෙදෙනාම වැසිකිලි යාම සදහා පරීක්‍ෂණ නිලධාරීන්ගෙන් අසාමාන්‍ය ලෙස අවස්ථා ගණනාවකදීම අවසර ලබාගෙන ඇති බවයි.