සජිත් තවත් සැගවෙයි.. අමරුවෙන් දිනාගත් විපක්‍ෂ නායක ලෙස මුල්ම හමුවට නොපැමිනේ..

පාර්ලිමේන්තුවේ දී රැස්වූ ව්‍යවස්ථා සභාවට අගමැති මහින්ද රාජපක්ෂ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහතුන් මෙන්ම එජාප නියෝජිත තලතා අතුකෝරල යන තිදෙනා සහභාගි වී නැත.

රාජකාරී කටයුත්තකට සහභාගී වීම හේතුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි නොවන බව දැනුම් දී තිබින.

සජිත් පේ‍්‍රමදාස මහතා විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර නොමැති නිසා ඊට සහභාගී වී නැතැයිද වාර්තා වෙයි.

සෙසු සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් මෙම සභාව රැස් වූ අතර නව රජය යටතේ පැවැති පළමු ව්‍යවස්ථා සභාව මෙයයි.