රාජිතගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන්නැයි චෝදනා ගොනු කෙරේ.. පාස්කු බෝම්බ ප‍්‍රහාරය හිටපු ජනපතිගේ ලේකම් වේලාසන දැන සිට FB දාලා..

සිංහලේ සංවිදානය විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලක් මෙහි දැක්වෙයි.

ගරු වැඩබලන පොලිස්පතිතුමා මගින් ,
අද්‍යක්ෂ
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව
කොලබ

ගරු මහත්මයාණෙනි ,

පාස්කු ප්‍රහාරයට අදාලව රාජිත සේනාරත්න මහතා විසින් 2019 මැයි මස පවත්වන ලද මාද්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේ තම රජය විසින් බුද්දි අංශ හරි හැටි පාවිච්චි නොකළ බවකි , එම මාද්‍ය හමුවේම පැහැදිලි වශයෙන් ඔහු ප්‍රකාශ කර සිටියේ හිටපු ජනාදිපති සිරිසේන මහතාගේ ලේකම් වරයකු මෙම ප්‍රහාරය කලින් දැනගෙන සිටි බවකි . ඒ සදහා ඔහු භාරත තෙන්නකෝන් නමැත්තාගේ face book පිටුව ගෙනහැර දක්වයි .

ඔහුගේ face book පිටුවේ අප්‍රේල් 16 වන දින මෙසේ සදහන් කර ඇති බව දක්වයි ” එක බොහෝ විට හද කකියන මයිල් කෙලින් වෙන ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙන්න පුළුවන්” භාරත තෙන්නකෝන් නැමැත්තා දැනට සිරගතව සිටින හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ගෝලයකු බවත් හේමසිරි සමග මොහුගේ සම්බන්දයක් ඇති බවත් ජනාදිපතිවරයාට රාජිත විසින් මේ සම්බන්දයෙන් කි බවත් මාද්‍ය හමුවේදී රාජිත විසින් කරුණු පැහැදිලි කරන ලදී.

කෙසේ වෙතත් භාරත තෙන්නකෝන් නැමැත්තා එවකට හේමසිරි ප්‍රනාන්දු සභාපතිත්වය දරන ලද මහජන බැංකුවේ මාද්‍ය නිලදාරියා ලෙසද කටයුතු කර ඇති අතර මාද්‍ය නාලිකා ගණනාවක එනම් දෙරණ , ශ්‍රද්දා tv , මවුබිම පුවත්පත, ජාතික රුපවාහිනිය, නෙත් ගුවන් විදුලිය හා ගුවන් විදුලි සංස්ථාව එම ආයතනෑයන්ගේ සේවය කල අයෙකි .

මොහු රාජිත සේනාරත්නට අනුව අනිවාර්යෙන් මෙම පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් දැනුවත්ව සිට ඇත . එසේනම් රාජිත සේනාරත්න සහ භාරත තෙන්නකෝන් යන අයවලුන් දෙදෙනාම ප්‍රහාරයට පෙර මේ සිද්දියේ සුලමුල දැනගෙන කරුණු වසන් කර ඇත . ප්‍රහාරයට පෙර හෝ ප්‍රහාරයෙන් පසු කිසිදු පරීක්ෂණ කණ්ඩායමක් වෙත මෙම පුද්ගලයන් දෙදෙනාගෙන් කිසිවකු හෝ අදවනතෙක් සිද්දිය සම්බන්දයෙන් ප්‍රකාශයක් හෝ ලබා නොදීමෙන් බරපතල වැරදි කිහිපයක් සිදු කර ඇත.

එපමණක් නොව ප්‍රහාරය පිලිබදව හිටපු ජනාදිපතිතුමා පවා සිංගප්පුරුවේදී දැනගෙන තිබෙන්නේ මුහුණු පොතින් බව ජනාදිපති විසින්ම සිදු කල ප්‍රකාශයෙන් පැහැදිලි වේ. එවැනි තත්වයක් මත ජනාදිපති කාර්යමණ්ඩල සාමාජිකයකු වූ භාරත තෙන්නකෝන් ඒ බව දැනගත්තේ කෙසේද ? ඔහුට ප්‍රහාරයේ තොරතුරු දුන්නේ කවුද ? රාජිතට අනුව හිටපු ජනාදිපතිවරයාගේ ජීවිතය පවා අවදානමට ලක්කළ තෙන්නකෝන් මහතා සේවය කරන්නේ කාටද ? ඔහුට මුදල් වියදම් කරන්නේ කවුද ?

මේවා ප්‍රහාරය සම්බන්දයෙන් විමර්ශනයට ඉතිරිවන බරපතල ප්‍රශ්න කිහිපයකි . මේ වනවිට මිනීමැරුම් චෝදනා යටතේ බන්දනාගාරගතව සිටින හිටපු පොලිස්පතිතුමාට හා ආරක්ෂක ලේකම්වරයාට එල්ලාව ඇති චෝදනා මොවුන් දෙදෙනාට අදාළ නොවේද ? එබැවින් පාස්කු ප්‍රහාරයට සම්බන්ද විමර්ශනය සදහා මෙම පුද්ගලයන් කැදවා වහාම සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා සිටිමු .

මීට අමතරව පැමිණිල්ලෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පසුගිය සති එකහමාරක කාලය පුරා ස්විස්ටර්ලන්ත තානදිපති කාර්යාලය සම්බන්ද පැහැරගැනීමේ සිද්දියක් සම්බන්දයෙන් නොයෙකුත් අවලාද නගමින් රජයට එරෙහිව කුමන්ත්‍රණයක් සිදු කරගෙන යන බව මේ වනවිටත් තහවුරු වෙමින් පවතී .

පැහැර ගෙන යනු ලැබූ බව කියන ශ්‍රියාලතා පෙරේරා යන අය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ලබාදෙන ලද ප්‍රකාශ හා මාද්‍ය වාර්තා එය පැහැදිලිව තහවුරු කිරීමට යොදා ගත හැකි සාක්ෂි ලේඛන වේ.

මිට පෙරද මොහු විසින් එවකට හිටපු ආරක්ෂක ලේඛම් සම්බන්දයෙන්ද ගොතන ලද සුදු වෑන් කතාවක්ද , ගොතන ලද රත්තරන් ජාවාරමක් සම්බන්ද කතාවක්ද , ගොතන ලද විදේශ මුදල් ජාවාරමක් සම්බන්ද කතාවක්ද සම්බන්දයෙන් ඔබ දෙපාර්තුමේන්තුවට අප සංවිධානය විසින් වෙන වෙනම පැමිණිලි ලෙස ඉදිරිපත් කර ඇති අතර ඒ පැමිණිලි සදහා කුමකින් කුමක් සිදුවූයේද යන්න පිලිබදව දන්නේ ඔබ දෙපාර්තුමේන්තුව පමණි.

කෙසේ වෙතත් දිගින් දිගටම අදාළ අමාත්‍යවරයා විසින් රජයට එරෙහිව සිදුකරනු ලබන රාජ්‍ය විරෝදී ප්‍රකාශ හේතුවෙන් මේ වනවිටත් මුළු රටම අවදානමට ලක්ව ඇත . තවදුරටත් මොහු වගකීම් විරහිතව හැසිරීම තුල රටේ ජිවත්වන පුරවැසියන් ලෙස අප බරපතල තර්ජනයකට ලක්වීම වලක්වා ගත නොහැකි වනු ඇත

එසේ හෙයින් හැකි ඉක්මනින් රජයට විරුද්දව කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත රාජිත සේනාරත්න අත්අඩංගුවට ගෙන සුදුසු අධිකරණයක නඩු පවරා ඔහුගේ “ප්‍රජා අයිතිය අහෝසි කිරීම” වෙනුවෙන් සුදුසු නීතිමය ක්‍රියාමාර්ගයකට අවතීරණයවීමට මෙම පැමිණිල්ල යොදා ගන්නා ලෙස ඉල්ලා සිටිමු .

මෙයට – විශ්වාසී

රාජකීය පණ්ඩිත මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි
සිංහලේ සංවිදානය
අංක 99 එදිරිසිංහ පාර
මිරිහාන නුගේගොඩ

ප්‍රදීප් සංජිව පෙරේරා
සිංහලේ සංවිදානය
අංක 99 එදිරිසිංහ පාර
මිරිහාන නුගේගොඩ