මාව රවට්ටලා රාජ්‍ය ඇමතිකමක් දීලා..- වාසු

තමන් රවටා රාජ්‍ය ඇමති කමක් දී ඇති බව රාජ්‍ය ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

නමුත් කැබිනට් ඇමති ධූරයක් නැතිවීම සම්බන්ධයෙන් තමන් කනගාටු නොවන බවත් තමන් ආවේ පැමිණි අරමුණ ඉදිරියටද කරගෙන යන බවත් ඔහු සඳහන් කළේය.

ඇමතිවරයා මේ බව ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති පක්ෂ නායක හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.