මිලේනියම් ගිවිසුම අත්සන් කලොත් ආණ්ඩුවෙන් ඉවත් වෙනවා..- විමල්

ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳව අධ්‍යනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත් කර බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

එම කමිටුවට පත් කර ඇති පුද්ගලයන් නිසා ඒ ගැන විශ්වාසය තැබිය හැකි බව ද ඇමැතිවරයා පවසයි.

අදාළ ගිවිසුම සම්බන්ධයෙන් තමන් පෙරදැරු මතයේම සිටින බවත් ඒ ආකාරයේ ගිවිසුමක් නව රජය විසින් අත්සන් නොකරනු ඇති බවත් ඔහු කියා සිටියේය.

එම ගිවිසුමට අත්සන් තැබුවහොත් තමන් ආණ්ඩුවේ නොසිටින බව ද ඔහු පැවසීය.