පැරකුම්බා, දුටුගැමුණ, වලගම්බා ඇතුළු කිසිදු රජෙක් නොකල සේවයක් මං කරනවා..- සජිත්

මෙරට කිසිදු නායකයකු නොකළ ඓතිහාසික සේවාවක් තමන් ජනාධිපති වූ පසු කිරීමට සූදානම් බව එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

කුසේ සිටින දරුවාට ණය කරුවෙකු නොවන්න කටයුතු කිරීම තම අරමුණ බව ද ඔහු පැවසුවේය.

ගම් උදාව මෙන්ම වැඩසටහනක් ලෙස ‘වැව් උදාව’ ආරම්භ කර රට පුරා වැවු ඉදිකරන බවද ඒ මහතා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ අම්පාරේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක් අමතමිනි.