කොටින්ගේ රත‍්‍රන් ටොන් 7000ක් හොරකම් කරලා.. ගෝටා ලෝකයේ අංක එකේ ධනපතියා… රාජිත දෙසා බෑ සදා ලෝක පූජිත බේගලය මෙන්න… [Video]

කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් රාජිත සේනාරත්න මහතා විසින් කැඳවන පුද්ගලයන් දෙදෙනකු කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් සමයේදී උතුරේ රත්තරන් විශාල ප්‍රමාණයක් සොරකම් කළ බවයි.

එහිදී මුදල් බෙදා ගැනීමේ ප‍්‍රශ්නයක් මත තමන් සමඟ ආරවුලක් ඇති වූ බවද එක් පුද්ගලයෙක් කියා සිටියේය.

එම ප‍්‍රකාශය තවත් බරපතල කරමින් රාජිත සේනාරත්න මහතා කියා සිටියේ ප්‍රභාකරන්ගෙන් රත‍්‍රන් ටොත් 7000 ක ප්‍රමාණයක් සොරකම් කර ඇති බවයි. ඇමති රාජිතගේ ප‍්‍රකාශය මෙතනින්

ටොන් හත් දහසක් යනු අති විශාල වටිනාකමක් සහිත ප්‍රමාණයකි.

දැනට වෙළඳපොලේ මිල අනුව රත්ත්‍රන් කිලෝ එකක් රුපියල් මිලියන 08ක් පමණ වේ.

ඒ අනුව රත‍්‍රන් ටොන් 7000ක මිල ගණනය මෙසේය.

කිලෝ 01ක මිල – 8,000,000
ටොන් 7000 – කිලෝ 7,000,000
මුළු වටිනාකම – රුපියල් 56,000,000,000,000
ඩොලර්වලින් වටිනාකම – 311,111,111,111 (බිලියන 311)

මෙම මුදල ලෝකයේ ධනවත්ම පුද්ගලයන් තුන්දෙනාගේ වත්කම් වල එකතුව ද ඉක්මවයි. විකිපීඩියා වාර්තාව මෙතනින්

අදාල රත‍්‍රන් තොගය ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් සොරකම් කරන ලද්දේ නම් ඔහු ලෝකයේ සිටින ඉහලම ධනපතියා වන අතර දැනට මුලින් සිටින ධනපතියන් තිදෙනාටම වඩා වත්කමක් ඔහු සතුව ඇත.

එමෙන්ම ඩොලර් බිලියන 1.4 ක වියදමින් ඉදි කරන ලද හම්බන්තොට වරාය වැනි ආයෝජන 250කට ආසන්න ප්‍රමාණයක් මෙම මුදලින් නිමකළ හැකිය.

2012 ජන සංගණනය අනුව උතුරු පළාතේ ජනගහනය ලක්ෂ 10 ක් වන එක් පුද්ගලයෙකු හට රුපියල් කෝටි 5 ඉක්මන වටිනාකම් ඇති රත්රන් කිලෝ 07 බැගින් බෙදා දීමට වුවද හැකියාවක් ප‍්‍රභාකරන්ට තිබී ඇත.

ලෝකයේ වැඩිම රන් සංචිත හිමි ඇමරිකාවටද ඇත්තේ රත‍්‍රන් ටොන් 8000ක් පමණක් වන අතර දෙවැනි තැන සිටින ජර්මනිය සතුව ඇත්තේ රත‍්‍රන් ටොන් 3300කි. ඒ අනුව මෙම ප‍්‍රමාණය ලෝකයේ දෙවැනි රන් සංචිතයද වෙයි.