එජාපය හිරු නාලිකාව වර්ජනය කරයි.. ලේසි ප‍්‍රශ්ණ අහන නාලිකාවලට විතරක් රිංගයි..

එක්සත් ජාතික පක්ෂයේ සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී පාර්ශවයේ මැති ඇමතිවරුන් හිරු රූපවාහිනියේ වැඩසටහන් වලට සහභාගී නොවීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සඳහන් කරන්නේ හිරු රූපවාහිනිය පක්ෂපාතී බවත් ඒ හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරක දැන්වීම් ලබා දීම නැවැත් වූ බවත්ය.

මේ අතර වාර්තා වන අතර අද දිනයේ පැවැත්වීමට නියමිත හිරු බලය විවාදය සඳහා ද එක්සත් ජාතික පක්ෂයෙන් කිසිදු සහභාගිත්වයක් සිදු නොවනු ඇති බවයි.

හිරු රූපවාහිනියේ සලකුන වැඩසටහන සඳහා එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කර තිබුණද එය ඔහු පිළිගෙන නැත.

එමෙන්ම දෙරණ රූපවාහිනියද ‘360’ වැඩසටහනට සහභාගී වන්නැයි කර ඇති ආරාධනාව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

විපක්ෂයෙන් එල්ල කරන ප්‍රධාන චෝදනාවක් වන්නේ සජිත් ප්‍රේමදාස මහතා ඉතිහාසයේ කිසිදු දිනක සජීව දේශපාලන විවාදයකට සහභාගී වී නැති බවටයි.