TNA ඡන්ද කුට්ටිය වෙනුවෙන් රනිල් රටම පාවාදෙයි – බාගෙට හැදු පලාලි ගුවන්තොටෙන් ඊළමේ පළමු පිම්ම පනියි!

ඊලමට මග පාදා ගනිමින් ජාත්‍යන්තර ගුවන් තොටුපලක් යාපනයේ විවෘත්ත කිරීම පසුපස ඇති හොර ගිවිසුම මේ වනවිට හෙළි වෙමින් පවතී. වෙනම රාජ්‍යක් පිහිටුවීම සඳහා අත්‍යාවශ්‍යම සාධක වලින් මූලිකම සාධකයකි ජාත්‍යන්තර ගුවන් තොටුපලයි මේ වනවිටත් එම අවශ්‍යතාවය ඉටු කර හමාරය  නැවත එය පසුපසට ගැනීමට නොහැකිවන ලෙසම ස්ථාපිත කොට හමාරය.

මෙවැනි මඩ වලක් ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙස විවෘත්ත කිරීමට රනිල්ගේ ආණ්ඩුවට පිස්සුදැයි සිතුනේ මාහට පමණක් නොවන බව මා දනිමි එහි රූපරාමු දකින ඕනෑම අයෙකුට එසේ නොසිතුනානම් පුදුමයකි.  අඩුම තරමේ පාර්ලිමේන්තුවට හෝ නොදැනෙන පරිදි සියලු සැලසුම් නිර්මාණය කොට අවසන් කරන ලද හොර ගිවිසුමක් හරහා මේ ව්‍යාපෘතිය කඩිමුඩියේ ක්‍රියාත්මක වීම රටටම අවාසනාවන්ත සිදුවීමකි.

අප රටේ අභ්‍යන්තර ගුවන් තොටුපළවල් බිහිවෙනවාට අපේ විරෝධයක් නැත එය බිහිවන්නේ දමිල ජනයා වැඩි ප්‍රදෙශයක නම් එහි නම මුලින් දමිල භාෂාවෙන් දක්වනවාටද අපේ විරෝධයක් නැත නමුත් මේ රනිල් ඇතුළු පරගැති හොර තක්කඩි නායක රැල කරන්නේ රට දෙකට කඩන මූලික අවශ්‍යතාවයන් ඉටුකිරීමක් බව මේ වනවිට හෙළි වෙමින් තිබෙන තිත්ත ඇත්තයි. ද්‍රවිඩ ජාතික සන්ධානයේ චන්ද කුට්ටිය කෙසේ හෝ ලබා ගැනීමේ අරමුණින් රටට සහ රටේ අනාගතයට විනාශයක් කැඳවන මෙම ගුවන්තොටුපොළේ ඔබ නොදන්නා ඇතුලාන්තය මෙසේ සඳහන් කරමු.

* මෙහි සේවය කරන සියලුම නිලධාරීන් උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජාතිකයන්ය.

* මෙහි ආරක්ෂක නිලධාරීන් පවා සිවිල් ද්‍රවිඩ ජනතාවය.

* ආගමන විගමන හා නිෂ්කාශන කටයුතු සිදුවන්නේද මෙම පිරිස අතින්ය.

* එම සියලු රැකියා දෙමළ ජාතික සංධානයේ දේශපාලඥයන් විසින් ලබා දුන් දේශපාලන පත්වීම්ය.

* මෙය ශ්‍රී ලංකා ආගමන විගමන මණ්ඩලය, කොළඹට හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කිසිඳු සම්බන්ධයක් නොමැති ඊනියා ජාත්‍යන්තර ගුවන්තොටුපළකි.

* මින් පෙර ගුවන් හමුදාව භාවිතා කළ පලාලි ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට පත් කිරීමේ එකම අරමුණ කොළඹ සහ යාපනය අතර සම්බන්ධය ඇති කිරීම නොව යාපනය සහ තමිල්නාඩුව සම්බන්ධ කිරීම බව ඕනෑම පුද්ගලයෙකුට වැටහෙන කරුණකි.

* මෙය ඉන්දීය තානාපති කාර්යාලයෙ යෝජනාවට සිදු කළ ව්‍යාපෘතියකි.

* මෙමගින් ඉන්දීය ඔත්තු සේවා නිලධාරීන්ට කිසිදු අපහසුවකින් තොරව පහසුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට හැකි වනු ඇත.

* රෝ ඔත්තු සේවයේ ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවේ බහුල වනු ඇත.

* යෝජිත On arrival visa ක්‍රියාත්මක කළ පසු ශ්‍රී ලංකාවට වැල නොකැඩී පැමිණෙන තමිල්නාඩු ජාතිකයන් කිසිඳු බාධාවකින් තොරවම මෙරටට රිංගා ගනු ඇත.

* ඒ අතර අන්තවාදීන්, ත්‍රස්තවාදීන්, බෙදුම්වාදීන් සිටිය හැක.

* ගුවන්තොටුපළ නිශ්කාෂන අංශයේ සේවය කරන්නන් කී දෙනෙකු ඉන්දීය ඔත්තු සේවා නිළධාරීන් යැයි දන්නේ දෙවියන් පමණකි.

* උතුරු නැගෙනහිර ත්‍රස්ත සැකකරුවන්ට පවා පහසුවෙන් තමිල්නාඩුවට පැන ගත හැකි වනු ඇත.

රනිල්ගේ කාලකන්නි ආණ්ඩුව මේ විවුත කලේ උතුරු නැගෙනහිර බෙදුම්වාදය පහසුවෙන් පෝෂණය කිරීමට ඉන්දියාවට ලබා දුන් නූතන හනුමා පාලමයි එම නිසා මෙය “අනේ අපිට තවත් ජාත්‍යන්තර ගුවන්තොටුපළක්” යැයි හූරේ දැමීමට කිසිඳු හේතුවක් නොමැති භයානක අනතුරකි. නොවැම්බර් 17 දිනම වහාම ශ්‍රී ලංකා රජයේ භාරයට ගත යුතු ජාතික ආරක්ෂාවේ නූතන තර්ජනයයි.

කඩිමුඩියේ මැතිවරණයට පෙර කෙසේ හෝ විවෘත කිරීමේ උවමනාවට සිදුකල භාග වැඩ නිසා කලින් තිබු තත්වයත් විනාශ කල පලාලි ගුවන්තොටේ වර්තමාන තත්වය.