සජිත් ජනාධිපති වෙන්නැයි සෙත්පතා කිරිඇල්ල භික්‍ෂූන් 850ක් ගෙන්වා පිරිත් සජ්ඣායනාවක් මහනුවරදි පවත්වයි..

ප‍්‍රථම වතාවට ජනාධිපතිධූර අපේක්ෂකයෙකු වෙනුවෙන් ත්‍රෛනිකායික මහනුවරවාසී මහාසංඝරත්නය අටසිය පනස් නමක්(850) ශී‍්‍ර දළදා මාළිගාව අභියස නාථ දේවාල පරිශ‍්‍රයට වැඩම කරවා පිරිත් සජ්ඣායනය කරමින් ආශිර්වාද කිරිමේ උත්සවයක් එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ති‍්‍රක් නායක ජනාධිපති මැතිවරණ මෙහෙයුම් ප‍්‍රධානි අධිනීතිඥ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා වෙනුවෙන් සංවිධානය කොට තිබුණි.

මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් හා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඩරුවේ උපාලි අනුනායක හිමියන් මූලාසනය හොබවමින් අනුශාසනාවක් සිදුකළ අතර උන්වහන්සේ අවධාරණය කරමින් කියා සිටියේ රාජ්‍ය නායකත්වයට පැමිණිමට පෙරාතුව සම්ප‍්‍රදයානුකූලව සිදුකළ යුත්තේ දළදා සමිදුන්ගේ ආශිර්වාදය ලබාගැනීම බවත් සජිත් පේ‍්‍රමදාස මහතා විසින් සිදුකළ මෙම කි‍්‍රයාව බෞද්ධ නායකයෙකුගේ තිබිය යුතුම ලක්ෂණයක් බවයි.

මහනුවරට පැමිණි ජනපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා චිරාගත සම්ප‍්‍රදයානුකූලව පළමුව දළදා වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අතර පසුව පිළිවෙලින් මල්වතු,අස්ගිරි මහානායක හිමිවරුන් හා රාමඤ්ඤ නිකායේ මහානායක හිමියන්ද උඩරට අමරපුර නිකායේ වැඩබලන මහානායක හිමි, අරියවංශ සද්ධම්මයුක්තික පාර්ශ්වයේ මධ්‍යම පළාත් ප‍්‍රධාන සංඝ බැහැදැකීමෙන් අනතුරුව ශී‍්‍ර සෙල්ව විනයාගර් කෝවිලේ හින්¥ ආගමික වතාවත්ද මීරා මක්කම් පල්ලියේ මුස්ලිම් ආගමික වතාවත්වල නිරත වී කතෝලික රදගුරුතුමන්ද හමුවී බෞද්ධ නායකයෙකු ලෙස සර්ව ආගමික නායකයින්ගේද ආශීර්වාද ලබාගත්තේය. මෙම අවස්ථාවන් සඳහා දේශපාලන නියෝජිතයින් ඇතු`එ ගිහි පැවිදි අතිවිශාල පිරිසක් එක්වී සිටියහ.

– midea unit