ඡන්දෙන් පැරදුනාම පරාජය පිලිගෙන බැහැලා යන්න..- අගරදගුරු පරාජිතයන්ට කියයි..

දේශපාලඥයින්ට අවුරුදු පහක් ඉවසන්න ජනතාව උත්තර දෙන්නේ තත්පර දෙකෙන්. ඡුන්දය නිසා ලංකාෙවි මිනී මරාගන්නවා. ෙමි තත්වය වෙනස්කරලා ශීලාචාර මිනිසුන්ගෙන් පිරි රටක් බිහිකරන්න කැපවෙන්න කියා දේශපාලඥයින්ගෙන් ඉල්ලා සිටිනවා යැයි කොළඹ අගරදගුරු රංජිත් මැල්කම් කාදිනල්තුමා පැවසූහ.

උන් වහන්සේ ෙමි බව පැවසුෙවි උතුරු කලූතර අශෝකාරාම මහා විහාරයේ සිරි සද්ධාතිස්ස ධර්ම විද්‍යාලයේ ශිෂ්‍යත්ව සහතිකපත් හා ස්වර්ණ මුදාිකාව

පිළිගැන්වීමේ උත්සවයට සහභාගි වෙමින් විශේෂ අනුශාසනාවක් සිදුකරමිනි.

එහිදී වැඩිදුරටත් කතා කළ උන් වහන්සේ මෙසේද පැවසූහ. ඡුන්දය තියෙද්දී ලංකාෙවි මිනිස්සු මිනී

මරාගන්නවා බෝමිබ ගහගන්නවා. එක්කෙනාට දොස් කියා ගන්නවා. චෝදනා කරනවා. බුද්ධිමත් මිනිස්සු ඔලූව පාවිචිචි කරලා රටට සුදුසු කියල හිතන කෙනාට ඡුන්දේ දෙයි. ශීලාචාර විදිහට කටයුතු කරන්න දේශපාලඥයින් පුරුදු වෙන්න ඔින.

ඡුන්දයකදී අශීලාචාර දේවල් ලෝකයාට ප‍්‍රකාශ කරනවා. ලංකාවේ ඉන්නේ මෝඩ මිනිස්සු නොවෙයි. උගත් අය. සුළු රැුකියාවක් කරන අයත් හොඳට කල්පනා කරලයි ඡුන්දෙ දාන්නේ.

ඡුන්දෙන් පරදින අය ඉතාමත් නම්බුකාර විදිහට වැඩ කටයුතු භාරදීල පරාජය පිළිගෙන යන්න ඕන. දිනපු අය ආඩම්බර වෙනනේ නැතිව පැරදුණ අයට ගහන්න යන්නේ නැතිව රට භාරගෙන හොඳින් රට පාලනය කරන්න ඕන. සමහරු දේශපාලනය කරන්නේ සදාකාලිකව ඒ අය රට පාලනය කරනවා වගේ. ඒ අය හිතන්න ඕන ෙමි රෙටි බුද්ධිමත් ජනතාවක් ඉන්නවා කියලා. ඒ අය බුද්ධියට ගරු කරමින් ඡුන්දය මෙහෙයවන්න ඕන කියලයි මම විශ්වාස කරන්නේ.

ඉරිදා දිනවල දහම් පාසලට දරුවන් එවීම පිළිබඳව මම ගොඩක් සන්තෝෂ වෙනවා. ඒ වාගෙම දරුවන් එවන දෙමව්පියන්ට ස්තූති වන්ත වෙනවා. අද ලංකාවට අවශ්‍යම වෙලා තියෙන දෙයක් තමයි අපේ දරුවන්ව වගේම මේ මු`ඵ සමාජයම ධාර්මික පැවැත්මකට ගෙනයෑමේ අභියෝගය.

සමාජයේ ගොඩක් දෙනෙක් කියනවා අපි ආගමක් අදහනවා කියලා නමුත් සමහර අය හැසිරෙන ආකාරය දැක්කම අපට සාධාරණ ලැජ්ජාවක් ඇති වෙනවා. අපි අදහන ධර්මයේ ශාස්තෘවරුන් උගන්වපු දේට එකඟව හුඟක් දෙනෙක් කටයුතු කරන්නේ නැහැ. ආගම නිකං හරියට පළඳනාවක් පැළඳීම වගේ. දේවස්ථානයට පන්සලට යනවිට ඒ වත් පිලිවත්වල යෙදෙනවා. නමුත් ඉන් පස්සේ ඇවිත් පළඳනාව ගලවලා පැත්තකට දානවා වගේ ධර්මයත් එක්ක ජිවත් වෙන්නේ නැහැ.

අද සමාජයේ ආගමික නායකයින්ට ඇති අභියෝගය ධාර්මික පිබිදීමකට රට තුළ හැඟීමක් ඇති කිරිමයි. ඒ සඳහා දහම් පාසැල ඉතා වැදගත් මෙවලමක්.

සමහර දෙමවිපියන් ඉරිදා දවසට දරුවන්ව ටියුෂන් පංති යවනවා. ඒ අය හිතන් ඉන්නේ සාමාන්‍ය පෙළ විභාගේ ඒ නවයක් ගත්තම හරි කියලා. ඊට පස්සේ උසස් පෙළ විභාගෙට ඒ හතරක් අරගෙන කැම්පස් යවලා ඩොක්ටර් කෙනෙක් නීතිඥයෙක් වෙන්න උගන්නපුවම හරි කියලා හිතනවා. ටියුෂන් නොගියොත් ළමයා පාස් වෙන්නේ නෑ කියල රෙටි පොදු මතයක්් තියෙනවා. දහමි පාසැලෙන් දරුවා ඈත්කිරිම තුළින් ඔහු ක‍්‍රම ක‍්‍රමයෙන් ධර්මයෙන් ඈත් වෙනවා. එයින් ආගමික පැවත්මට ඇති නැඹුරුව අත්හැර දාන්න පුරුදු වෙනවා. එය රටට ලොකු පාඩුවක්. දහම තුළ දරුවන් පෝෂණය කරන එක ඉතා වැදගත්.

දහම හරියට ඔරුවකින් මුහුදට යද්දී ක්‍ෂිතිජය පේනවා වගෙයි. දහම තුළ ඉන්නවිට ජීවිතය තේරුම් ගන්නට පුරුදු වෙනවා. ලෝකෝත්තර ස්වභාවය අපි ඉගෙන ගන්න ඕන. ධර්මය තුළින් අපේ ජීවිත පරිවර්තනය කරනවා.

මම රටේ නායකයින්ගෙන් ඉල්ලා සිටියා පොහොය සහ ඉරිදා දිනවල උදේ හයේ සිට සවස තුන දක්වා දරුවන් දහමි පාසැල් යවන්න අවශ්‍ය නිසා ටියුෂන් තහනම් කරන්න කියලා. නමුත් කවුරුවත් කළේ නැහැ. ඒ අය අපිට සීනිබෝලයක් දෙනවා වගේ එක පාරටම කියනවා පත්තරේ දානවා පනත් ගේනවා කියලා. නමුත් කෙරෙන්නේ නැහැ. සතියක් දෙකක් යනවිට කවුරුත් කථා කරන්නේ නැහැ.

ඉරිදා ටියුෂන් තහනමි කරන්න අපි නඩුවක් දාලා උසාවි ගියා. ටියුෂන් ගුරුවරු පිරිසක් එයට විරුද්ධව නඩුවක් දමලා මූලික අයිතිවාසිකම් කඩවෙනවා කියලා අධිකරණයට ගියා. නමුත් එයට විරුද්ධව අපි අධිකරණයට ගියා. එයින් තීන්දුවක් දුන්නා මුලික අයිතිවාසිකම් කඩවෙන්නේ නැහැ කියලා. ඒනිසා පනත සාධාරණයි. එයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඡුන්දය අවශ්‍ය නැහැ. වැඩි ඡුන්දයෙන් සම්මත වුනහම ඇති. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා ඒ දෙය දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කි‍්‍රයාත්මක කරන්න කියලා.

රටේ සංස්කෘතිය සභ්‍යත්වය හැදිල තියෙන්නේ බුදු දහම නමැති ජාතියේ කොඳු නාරටිය තුළ. මේ උතුම් වූ බෞද්ධ ශිෂ්ටාචාරය තුළ ජීවත් වන්න ලැබීමට ඔබ වාසනාවන්තයි. එහෙම කියලා අනෙක් ආගම් මේ ගැන ආරවුලක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. අපි හැමෝම තමන්ගේ ආගමට කැප වෙලා ජීවත් වෙනවා. ෙමි සියලූ ආගම් කවදා හෝ එකතු වෙනවා.

බෞද්ධ කතෝලික මුස්ලිම් හින්දු මේ සියලූ දෙනා හොඳින් ආගමට අනුව ජීවත් වෙනවා නම් ලස්සන රටක් නිර්මාණය කරන්න ඉඩ ලැබෙනවා. ඒ සඳහා ආගම්ක නායකයින් එකතු විය යුතුයි. අපි හැමෝම එකතු වෙමු. ඒ සඳහා අපේ සහයෝගය සංඝයා වහන්සේලාට ලැබෙනවා. අපි ආශිර්වාදාත්මක පැතුම් පතනවා.

පුජ්‍ය පරකඩුවේ සරණංකර නාහිමිගේ සංවිධානයෙන් පැවැත්වූ මෙම වැඩසටහනේ මුලසුන මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් විසින් දරනු ලැබූ අතර ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

– divaina