මෛත‍්‍රී-රනිල් අවුරුදු පහම ගොන් පොරයක හිටියේ.. රට මස්තබාල්දු වුණා..- ගෝටා වෙනුවෙන් SB විලක්කුව දල්වාගනී..

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති වි මහින්ද රාජපක්ෂ මහතා අගමැති විමෙන් පසු  මේ රට ශක්තිමත් රටක් බවට මහනුවර දිස්ත්‍රික් පා.ම එස් බි දිසානායක මහාතා පැවසිය.

එස්.බි දිසානායක මන්ත්‍රිවරයා එ බැව් කියා සිටියේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නාවලපිටිය ආසනබල මණ්ඩල රැස්විම අමතමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු එස් බි දිසානායක මන්ත්‍රිවරයා කියා සිටියේ. මේ අවුරුදු පහේ මේ රට කඩාගෙන වැටුණේ , දුප්පත් කම වැඩි වුණේ , සංවර්ධනය සහමුලින්ම නැති වුණේ , රටට සංචාරකයන් එන්නේ නැති තත්ත්වයක් ඇති වුණේ , ආරක්ෂාව කියන එක තුට්ටුවට වැටුණා , මොකක්ද මේකට ප්‍රධාන හේතුව  ජනාධිපතිගෙයි අගමැතිගෙයි මේ ගොන් පොරය.

මේ ගොන් පොරය නිසා මේ රට වැටුණා , එක් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයම පිලිගත්තා, ඒක රනිලුත් පිලිගත්තා, මේ දෙන්නට එකට වැඩ කරන්න බැරි වුණ නිසා තමයි රට වැටුණේ.

බැරි වෙලාවත් සජිත්  දින්නොත් ගොන් පොරයක් නෙවෙයි මි ගොන් පොරයක් එන්නේ, සජිතුයි රනිලුයි මි ගොන් පොරයට ආවම රට කුජිතයි.

මේ බෞද්ධ රටේ දෛවයට ලැබිච්ච දෙයක් තමයි ගෝඨාභය ජනාධිපති වෙලා මහින්ද අගමැති වෙලා , එ සහෝදරත්වයෙන් මේ රටේ ශක්තිමත් ආණ්ඩුවක් හදනවා කියන එක.

එහෙම දේවල් වෙනවා මහින්ද රාජපක්ෂට ජනාධිපති අපෙක්ෂකත්වය දෙන්න චන්ද්‍රිකා කවදාවත් හිතන් හිටියේ නැ .

බොරුවට චන්ද්‍රිකා මහින්දව ජනාධිපති අපෙක්ෂක කියලා නම් කරලා , උසාවියෙන් කෙලින්න තමයි ගියේ, නොහිතුනු විදිහට මහින්ද රාජපක්ෂ ඉදිරියට ආවා.

2005 ඡන්දෙදි ප්‍රභාරකන් උතුරේ ඡන්ද ටික නැවැත්තුවේ නැත්තම් එත්අපිට ලෙසි වෙන්නේ නැ, හැබැයි ප්‍රභාකරන් හිතුවා මහින්ද දිනන එක හොදයි දින්නොත් එකා මාත් එකක් ගහ ගන්න එනවා, ඉන්දියාවත් එක්ක ගහ ගන්න යනවා, ඊට පස්සේ එක්සත් ජාතින්ගේ සංවිධානය ඇවිල්ලා මට මේක බෙදලා දෙනවා.

මේ ශුද්ධ භුමිය විසින් මහින්ද රාජපක්ෂකව ජනාධිපති විදිහට පත්කරා.

එ නිසා ලෝකේ දරුණුතම ත්‍රස්තවාදය පරාජය කිරිමට මහින්ද රාජපක්ෂ මහතාට හැකි වුණා.

අපිට වඩා පහලින් ඉදලා පොසත් වුණ රටවල් තියෙනවා, සිංගප්පුරුව , මැලේසියාව, චිනය , දකුණු කොරියාව .

මේ රටවල් ඔක්කොටම කොන්ද කෙලින් තියන් සෘජුව වැඩ කරන නායකයන් හිටියා.

එ නිසා නැගිගෙන ආපු රට වැටිලා , රට අනාරක්ෂිත වෙලා තියෙන මේ මොහාතේ , එනිසා මේ රටට ඕනි කොන්ද කෙලින් තියෙන, සෘජුව වැඩ කරන ගොඨාභය රාජපක්ෂ මහතා වැනි නායකයින් , යනුවෙන් පැවසිය.