මාධ්‍යවේදී ශාලික පෙරේරා විසින් රචිත, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද සත්‍ය තොරතුරු “අප්‍රේල් 21” නමින් කෘතියක් ලෙස ජනතාව අතරට..

මාධ්‍යවේදී ශාලික පෙරේරා විසින් රචිත පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද තොරතුරු ඇතුලත් ” අප්‍රේල් 21 ” කෘතිය කොළබ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ලබන 20 වෙනිදා එළිදැක්වීමට නියමිතයි. පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූ ආකාරය , ඒ සමබන්දයෙන් පැවැත්වෙන පරීක්ෂණ හා අන්තවාදය ලොවට තර්ජනයක් වී ඇති ආකාරය පිලිබදව ලිපි ගණනාවක්ද මේ කෘතියේ අන්තර්ගත වී තිබේ.මෙය එලි දැක්වෙන්නේ කෘති ප්‍රකාශනයක් ලෙසයි.මෙහි මිල රු 590 කි.පළමු පිටපත අගදරගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් වෙත පිළිගැන්වීමට නියමිතයි. මාධ්‍යවේදී ශාලික පෙරේරා ජාතික රුපවාහිනියේ අයි නාලිකාවේ නිෂ්පාදකවරයකු වශයෙන් කටයුතු කරයි.. “අප්‍රේල් 21 ” කෘතිය වෙන් කර ගැනීම සදහා පහත සදහන් දුරකථන අංකය ඔබට ඇමතිය හැක.

ශාලික පෙරේරා
077-9339194