රනිල් ජනාධිපති අපේක්‍ෂක වුනොත් ගෝටා 52.9%යි.. රනිල්ට 15.4%යි.. සජිත් අවොත් ගෝටා 37.5%යි..- මංගලගේ සමීරෂණ වාර්තාවෙ මෙන්න..

ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එජාපයෙන් තරඟ වදින අපේක්ෂකයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට පහසු ජයක් ලැබෙන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

මෑතකදී කළා යැයි කියන සමීක්ෂණයක දත්ත උපුටමින් මේ බව සඳහන් කළේය.

එකී සමීක්ෂණය අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට 52.9%ක ඡන්ද ප‍්‍රතිශතයක් ඡන්ද ලැබෙද්දී රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙන්නේ 15.4% ක් පමණක් එයට ඔහු සඳහන් කරයි.

නමුත් අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා නම් එම ඡන්ද ප්‍රමාණය ගෝඨාභය රාජපක්ෂ මහතා 37.5% දක්වා අඩුවන බවත් සජිත් ප්‍රේමදාස මහතා 41%ක් ලබා ගන්නා බවත් ඇමතිවරයා පැවසීය.

ඒ අනුව ජනාධිපති අපේක්ෂකයා වීමට පෙරම සජිත් ප්‍රේමදාස මහතා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා ඉදිරියෙන් නිසා මෙවර ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට නම් ඉදිරිපත් කලයුතු අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බවද සඳහන් කළේය.

lankacnews