මට තැනත් නොදුන්නට කමක් නෑ..බුදු බව ලැබීම සඳහා පෙරුම් පිරිය යුතුයි – අරලිය සාකච්චාවෙන් පසු සජිත් කියයි..

එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකත්වය විසින් තමනට තැනක් නොදීම ගැන ප්‍රශ්නයක් නැතැයි එම පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

බුදු බව ලැබීම සඳහා පෙරුම් පිරිය යුතු බවද ඔහු සඳහන් කළේය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඊයේ පස්වරුවේ පැවති සාකච්චාව අවසානයේ පිටව යන අතර මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.