ශ‍්‍රීලනිප පොහොට්ටු සන්ධානය බිදින්න බැදුම්කර මගඩියේ මුදල්..ඇලෝසියස් දුන් මුදල් ගත් තොත්ත බබාලා ගැන එස්.බී ගෙන් හෙළිදරව්වක්

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් බිහිවීම වලක්වමින් සිටින්නේ අර්ජුන් ඇලෝසියස්ගෙන් ලක්‍ෂ ගණන් මුදල් ගත් පිරිසක් විසින් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

ශ‍්‍රීලනිප හා පොහොට්ටු සන්ධානය ලැබීමට නියමිත විශිෂ්ට ජයග‍්‍රහණය වැලකීමට බැදුම්කර මුදලින් පගා කෑ පිරිස් කොතෙක් උත්සාහ දරුවද ශ‍්‍රීලනිප බහුතරය ඉක්මනින්ම පොහොට්ටුව හා එක්වන බවද ඔහු පැවසීය.

ඇලෝසියස් දුන් මුදල් ගත් පිරිස් අද කිසිවක් නොදන්නා තොත්ත බබාලා සේ සිටින බවද ඔහු කීවේය.