සජිත් ජනාධිපති.. චම්පික අගමැති.. එජාපයෙන් කැපුණු සජිත් පිල අලුත් සන්ධානයක් කඩිමුඩියේ අටවයි..

එජාප ජනාධිපති අපේක්ෂකත්වය හිමි වීමේ අවස්ථාව අවම විමත් සමග ජාතික හෙළ උරුමය ඇතුලු නව පෙරමුණක් හෝ සන්ධානයකින් ජනාධිපති අපේක්‍ෂක ලෙස තරග වැසීමට සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී කණ්ඩායම තීරණය කර ඇති බව පුවත් අඩවි වාර්තා කරයි.

මේ පිලිබව වූ සාකච්චාවක් සජිත් පිල හා ජාතික හෙල උරුමයේ ප‍්‍රධානීන් අතර පැවැත්වී ඇතැයිද සදහන්ය.

ජනාධිපති අපේෂක්‍ක ලෙස සජිත් පේ‍්‍රමදාස මහතාත්, අගමැති අපේක්‍ෂක ලෙස චම්පික රණවක මහතාත් ඉදිරිපත් කිරීමට එම සාකච්චාවන්හිදි මූලික එකගතාවයකට පැමිණ ඇතැයිද වාර්තාවන් කියයි.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන හකීම්, බදියුදීන්, මනෝ ගනේෂන් ඇමතිවරුන්ගේ පක්‍ෂද මෙම නව පෙරමුණ සදහා එකගතාවක පසුවන බවද සදහන්ය.

ඒ අනුව ජනපතිවරණය ඉලක්ක කරමින් නව පුළුල් සන්ධානයක් ඇති කිරිමට ශ්‍රීලනිප හා ජවිපෙ ඉතා ඉක්මනින් සාකච්ඡා පැවැත්වීමට සජිත් පිල විසින් තීරණය කර ඇති බවද තව දුරටත් දැක්වෙයි.

lankacnews