ජනාධිපතිවරණයේදී ගෝටාභය පරදා සජිත් ගේමක් නැතිව දිනනවා..

ඉදිරි ජනාධිපතිවරණයේ දී විපක්ෂයේ අපේක්ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා නම් එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් වන සජිත් ප්‍රේමදාස මහතාට තරඟයක් නැති බව ඇමති අජිත් පී පෙරේරා මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතා පොදු ජනතාවගේ වේදනාව තේරුම් ගත් අයකු හැටියට ජනතාව දන්නා බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන අතීත අත්දැකීම් ද ජනතාවට ඇති බවත් ඔහු සඳහන් කරයි.

සියලුම ජාතීන් එක් කරගෙන ඉදිරි ජනාධිපතිවරණය ජය ගත හැක්කේ සජිත් ප්‍රේමදාස මහතාට පමණක් බවද ඔහු කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ මඩකලපුව ප්‍රදේශයේ දී පැවති උත්සව සභාවක් ඉන්පසුව මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමිනි.