එජාපයේ ගල උඩ සටන ඇරඹේ.. රනිල්ගෙන් එලිපිට ගේම ඉල්ලයි.. සජිත්ට එජාපයෙන් අපේක්‍ෂකත්වය නොදුන්නොත් වෙනත් පක්‍ෂයකින් ඉල්ලන බව කියයි..

එක්සත් ජාතික පක්‍ෂයෙන් මීලග ජනාධිපති අපේක්‍ෂක ධුරය ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාට නොලැබුණහොත් වෙනත් පක්‍ෂයකින් හෝ ජනාධිපතිවරණයට ඔහු ඉදිරිපත් වන බව එම පක්‍ෂ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

කෙක්කෙන් හෝ කොක්කෙන් මෙවර ජනාධිපතිවරණයට ස්ථිර වශයෙන්ම සජිත් පේ‍්‍රමදාස මහතා ඉදිරිපත් කරන බවද ඒ මහතා කියා සිටියේය.