ගෝටාභය නම් කිරීම නියමායි.. අපට පරදවන්න පහසුම ප‍්‍රතිවාදියා ඔහුයි.. එජාප ජය ඒකාන්තයි..

ගෝටාභය රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම එක්සත් ජාතික පක්‍ෂයට කිසිම අභියෝගයක් නොවන බව ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයට පරාජය කිරීමට ඉතාම පහසුම අපේක්ෂකයා වන්නේද ගෝඨාභය රාජපක්ෂ මහතා යයිද ඔහු සදහන් කලේය.

පෙර පැවති ජනාධිපතිවරණයටත් වඩා වැඩි ඡුන්දයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට මෙවර එක්සත් ජාතික පක්ෂය සූදානම් බවත් ඔහු තව දුරටත් සදහන් කලේය.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ මහනුවරදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.